21
ඉදිරියේදි බෘෘනායි රාජ්‍යයට ඩිජිටල් තාක්ෂණික දැනුම සැපයීමට ඉන්දියාව ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩිජිටල් තාක්ෂණය අතින් ලොව ඉහළම දැනුමක් සහිත විශේෂඥයන් උත්පාදනය කරන ඉන්දියාවේ ඩිජිටල් තාක්ෂණික දැනුම බෘනායි රාජ්‍යය සමඟ හුවමාරු කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධව දෙරට අතර සාකච්ඡා පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
පසුගියදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බෘනායි සංචාරය අතරතුර ඒ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇති අතර, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට එය ඉවහල් වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය අතරතුර බෘනායි රාජ්‍යයේ රාජකීය මාලිගාවේදී එරට හාජි හසනල් සුල්තාන්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර, ආරක්ෂක, වෙළෙඳ හා ආයෝජන, අභ්‍යවකාශ, බලශක්ති, සෞඛ්‍ය සහ සංස්කෘතික ක්ෂේත්‍ර සම්බන්ධව සාකච්ඡා පැවැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.