29
රාජ්‍ය ඇමැතිවරු පස් දෙනකු ජනාධිපතිවරයා විසින් ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල තොරතුරු සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, වාරිමාර්ග හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්ම මහත්මීන් මෙසේ රාජ්‍ය අමාත්‍ය ධුරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3) (අ) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල යටතේ මෙම තීරණය ගෙන ඇත.
ඉකුත් සතියේ ප්‍රේමලාල් ජයසේකර, ඉන්දික අනුරුද්ධ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, සිරිපාල ගම්ලත් මන්ත්‍රීවරුන් ද දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබීය.