Home Politics News Room : මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

News Room : මැතිවරණ ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්

1
0

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

ඉන්පසු කිසිඳු දේශපාලන පක්ෂයකට, අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට අදාළ ආකාරයට ප්‍රචාරක කටයුතුවල නියැලීම තහනම්ය.

පොදු හෝ පෞද්ගලික වාහනවල අපේක්ෂකයින් හා පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයට අලවා තිබෙන ස්ටිකර් ආදිය ගළවා ඉවත් කිරීමේ බලය ශ්‍රී ලංකා පොලීසිය සතු බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6ක කාලයක් ලබාදුන් බවත් ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන 21 දාට පෙර පැය 48ක් තුළ සියලු ප්‍රචාරක කටයුතු නතර කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here