25
සමඟි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ඉවසුම් නොදෙන තත්ත්වයකට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ සමඟි ජන සන්ධාන කාර්යාලයේදී පෙරේදා (12) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි:
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා:
“ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් සියයට 70%ක් පමණ මේ වන විට අවසන් කර තිබෙනවා. සමඟි ජන බලවේගයේ පක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන ජන රැලි විශාල ප්‍රමාණයක් පවත්වා අවසන් කර තිබෙනවා. මධ්‍යම ප්‍රමාණයේ රැස්වීම් සහ බිම් මට්ටමේ ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සාර්ථකව අවසන් කරමින් තිබෙනවා. ඡන්දදායකයන් පෞද්ගලිකව දැනුවත් කිරීමේ ව්‍යාපාරය දියත් කිරීම තමයි අපගේ මූලික අරමුණ වුණේ. ඒ අනුව අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගෙයින් ගෙට ගොස් බෙදා බෙදාහැරීමේ පළවෙනි වටය සාර්ථකව අවසන් කර තිබෙනවා. 14 සහ 15 යන දින දෙක සමඟි ජන සන්ධානයේ මැතිවරණ ප්‍රකාශය පෞද්ගලිකව නිවාසවලට බෙදාදීමට සහ ජනතාව දැනුවත් කිරීමට එම දින දෙක යොදා ගැනීමට තීරණය කර තිබෙනවා. මෙවර මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ ජනතා මතය ඉතාම පැහැදිලියි. එකම ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව සෑම දෙනාටම හොඳින් වැටහී තිබෙනවා. මේ රටේ ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් දෙනා ඡන්දය ලබා දෙන්නේ කාටද කියන තීරණය ගෙන අවසන්.
“අපට ලැබෙන වාර්තා සහ විවිධ සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බව මේ වන විට වාර්තා වෙනවා. ඒවගේම මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වරින් වර අපට වාර්තා වෙනවා. සමගි ජන සන්ධානය සහ සමඟි ජන බලවේගයේ මැතිවරණ කාර්යාල විනාශ කිරීම සහ සමඟි ජන බලවේගයේ පාක්ෂිකයන්ට තර්ජනය කිරීම පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. සමඟි ජන සන්ධානය සහ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශය කරන සියලු ඡන්ද දායකයන් ප්‍රචණ්ඩත්වයට හසු වන්නේ නැතිව, ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වන්නේ නැතිව සාමකාමීව මැතිවරණ ව්‍යාපාරය අවසන් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ ඉල්ලීම සමස්ත රට වැසියන්ගෙන් අප ඉල්ලා සිටිනවා. අපට සියයට සීයක විශ්වාසයක් තිබෙනවා මෙවර ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව.
“සමඟි ජන සන්ධානයේ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ඉවසුම් නොදෙන තත්ත්වයකට පත් වෙලා. ජාතික ජන බලවේගයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමඟි ජන සන්ධානයේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සියයට සීයක් ස්ථිරයි. අවසාන සතිය සාමකාමිව කටයුතු කරන ලෙස අප අපේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”
රක්ෂණ ශ්‍රියන්ත