Home Politics News Room : කාන්තා­වන් උදෙසා වැඩිම වැඩ කොට­සක් සිදු කළ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා...

News Room : කාන්තා­වන් උදෙසා වැඩිම වැඩ කොට­සක් සිදු කළ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා රනිල්

0
0

මේ රටේ කාන්තා­වන් වෙනු­වෙන් වැඩිම වැඩ කොට­සක් සිදු කළ ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා රනිල් වික්‍ර­ම­සිංහ මහතා බව පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ පසු­ගි­යදා වීර­කැ­ටිය ප්‍රාදේ­ශීය සභා ශ්‍රව­ණා­ගා­රයේ පැවති මුල්කි­රි­ගල ආස­නයේ කාන්තා බල මණ්ඩල රැස්වීම අම­ත­මිනි.

එහිදී අද­හස් දැක්වූ පාර්ලි­මේ­න්තුවේ නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහතා:

“විශේ­ෂ­යෙන් මා සතුටු වනවා අද දවසේ කාන්තා­වන් කණ්ඩා­ය­මක් එක්ක මුල්කි­රි­ගල ආසනේ මේ වගේ සාක­ච්ඡා­වක යෙදෙන්න අව­ස්ථාව ලැබීම ගැන. මා විශ්වාස කරන්නේ මේ ඉල්ලන ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් 38 දෙනා­ගෙන් කාන්තා­වන්ට වැඩි­යෙන්ම ගෞරව කරන නාය­කයා තමයි රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා. මං එහෙම කියන්නේ සාක්ෂි ගොඩක් තියෙන හින්දා. එකක් තමයි පහු­ගිය කාලේ පාර්ලි­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කථා­නා­ය­ක­තුමා ඉල්ලා අස් වෙනවා ඒ වෙලාවේ නම් ගොඩක් එනවා නියෝජ්‍ය කථා­නා­ය­ක­ව­රයා හැටි­යට පත් කරන්න. ඊට පස්සේ මගේ නම අපේ පක්ෂ­යෙන් යෝජනා කළාම අපේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාගේ අද­හ­සක් තිබ්බා කාන්තා­වක් දැම්මොත් වැඩිය හොඳයි කියලා. දැන් එතුමා බැලුවා කාන්තා­වක් දාන්න. ඒ වෙලාවේ ලොකු ඡන්ද­යක් තිබුණේ. පාර්ලි­මේ­න්තුවේ සාමාන්‍ය කතා­නා­ය­ක­ව­ර­යෙක් තෝර­නවා වගේ නෙමෙයි බොහොම සංකීර්ණ අභි­යෝ­ගා­ත්මක ඡන්ද­යක්.අර­ග­ලය ඇවිල්ල පක්ෂ දේශ­පා­ල­නය උඩු යටි­කුරු වෙලා. ලොකු ප්‍රශ්න සහ­ගත වෙලා­වක්. ඒ නිසා ඒ වෙලාවේ කාන්තා­වක් විත­රක් ආවොත් සම­හ­ර­විට චන්දෙදි ප්‍රශ්න­යක් වෙන්න පුළු­වන් කියලා අන්ති­මට මගේ නමයි හැබැයි විප­ක්ෂ­යෙන් කාන්තා­ව­කගේ නමක් ආවා. ඒ වෙලාවේ මාව වැඩි ඡන්දෙන් තේරුණා. ඒ වගේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා කොයි වෙලෙත් කාන්තා­වන්ට තැන දෙන්න තමයි කට­යුතු කළේ.

“දැන් අපි පාර්ලි­මේ­න්තුවේ තියෙ­නවා කාන්තා සංස­ද­යක් අලු­තෙන් හැදුවේ. මේ රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා ජනා­ධි­පති වුණාම තමයි ඒ කාන්තා සංස­දය හැදුවේ. පාර්ලි­මේ­න්තුවේ අලු­තින් කාරක සභා 16 ක් පිහි­ටෙව්වා. ඒ කාරක සභා­වල එකක් කාන්තා­වන් වෙනු­වෙන් වෙන් කළා. ඒ විත­රක් නෙමෙයි ඊට පස්සේ කාන්තා මන්ත්‍රී­තු­මි­යන්ලා පම­ණක් එකතු කරලා තව එකක් හැදුවා ජනා­ධි­ප­ති­තුමා. ඒ තරම් කාන්තා­වන්ට තැනක් දෙන්න ඕනෑ කියලා ඉන්න නාය­ක­යෙක්.

“ඒ විදි­හට රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා ඔය අතන මෙතන කයි­වාරු ගහන කෙනෙක් නෙමෙයි. අවශ්‍ය නීති­මය ක්‍රියා­මාර්ග හදලා තියෙ­නවා අපේ රටේ. දැන් ඔය එක එක්කෙනා කිය­නවා ෆයිල් ගොඩ­වල් තියෙ­නවා, අච්චර තියෙ­නවා, මෙච්චර තියෙ­නවා. හොර­කම් කරලා කියලා. ඒත් පාර්ලි­මේ­න්තුවේ රනිල් වික්‍ර­ම­සිංහ ජනා­ධි­ප­ති­තුමා වුණාට පස්සේ දූෂණ විරෝධි පනත සම්මත කළා. දැන් ඕනෑ කෙන­කුට රුපි­ය­ලක් හොර­කම් කරත් යන්න තැනක් හදලා තියෙ­නවා. නීති­යක් රටේ සම්මත කරලා තියෙ­නවා. ඒ විදි­හට මේ රටේ රටක් හැටි­යට ඉස්ස­ර­හට ගෙනි­යන්න ලෝකයේ දියුණු රට­වල් හා සමාන නීති පද්ධ­ති­යක් සකස් කරන්න රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා කට­යුතු කරලා තියෙ­නවා. ඒ නිසා අද අපේ රටේ කාන්තා­වන් කියන්නේ කවුද කියන එක ගැන හොඳ අව­බෝ­ධ­යක් තියෙන නාය­ක­යෙක් තමයි රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා.

“එතුමා මේ රටේ කළ­ම­නා­ක­ර­ණය හරි­යට කරපු නිසා එතු­මාට අවු­රුදු දෙකක් වැනි කෙටි කාල­යක් ඇතු­ළත රට ශක්ති­මත් කරන්න පුළු­ව­න්කම ලැබිලා තියෙ­නවා. ඒ නිසා මේ ශක්ති­මත් භාවය ඉස්ස­ර­හ­ටත් අව­ශ්‍යයි. ශක්ති­ම­ත්භා­වය නැති වුණොත් ඔබට දුක් විඳින්න වෙනවා. ඔබට තමයි ඔබේ මහ­ත්තයා, ඔබේ දරුවා විඳින වේදනා දැනෙන්නේ. ඒ නිසා මේ රට විකෘති දේශ­පා­ලන තත්ත්ව­යන්ට භාර දෙන්න පුළු­ව­න්ක­මක් නැහැ. දේශ­පා­ලන වේදි­කාවේ බොරු බයිලා ගහලා ගහලා මේ රටේ මිනි­ස්සුන්ව රව­ට්ටන දේශ­පා­ලන ව්‍යාපා­ර­ව­ලට රට භාර දෙන්න පුළු­ව­න්ක­මක් නැහැ. ඒ නිසා තමයි අපිත් සීයලා ආච්චිලා ගෙනාපු දේශ­පා­ලන සංස්කෘ­ති­යෙන් එහාට ගිහිල්ලා රනිල් වික්‍ර­ම­සිංහ මැති­තු­මාට සහ­යෝ­ගය දෙන්නේ. ඒකෙ ඇතුළේ දේශ­පා­ල­න­යක් අපේ නැහැ; ඒකෙ ඇතුළේ පක්ෂ­යක් නැහැ. මේ වෙලාවේ රටට වග­කි­යන්න පුළු­වන් එකම නාය­කයා රනිල් වික්‍ර­ම­සිංහ මැති­තුමා කියන එක විත­ර­මයි අපට තියෙන්නෙ.ඒ නිසා ලබන 21 දා ඡන්ද පෙට්ටි පුර­වන කොට ගෑස් සිලි­න්ඩර ලකුණ ඉස්ස­ර­හින් කතිරේ ගහලා ඡන්ද පෙට්ටි ගෑස් සිලි­න්ඩර ලකු­ණින් පුර­වමු කියලා ඔබට ආරා­ධනා කර­නවා.”

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා ඇතුළු දේශ­පා­ලන නියෝ­ජි­තයෝ රැසක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here