Home Politics News Room : ජ‘පුර කලා පීඨ සිසුන්ගේ ඔළු පළා තඹු­ත්තේ­ගම විප්ල­ව­යක් පටන්...

News Room : ජ‘පුර කලා පීඨ සිසුන්ගේ ඔළු පළා තඹු­ත්තේ­ගම විප්ල­ව­යක් පටන් අරන්

1
0

දයා පති­රණ මරා ගල්ක­ටස් විප්ල­වය පට­න්ගත් ජනතා විමුක්ති පෙර­මුණ, අද ජය­ව­ර්ධ­න­පුර කලා පීඨයේ සිසුන්ගේ ඔළු පළා තඹු­ත්තේ­ගම විප්ල­වය පටන් ගෙන ඇතැයි පාර්ලි­මේන්තු මන්ත්‍රීනි රෝහිණී කවි­රත්න මහ­ත්මිය පැවැ­සු­වාය. මන්ත්‍රී­ව­රිය මේ බව සඳ­හන් කළේ රත්තො­ටදී පසු­ගි­යදා පැවති ජන­හ­මු­වක් අම­ත­මිනි.

එහිදී මන්ත්‍රී­ව­රිය වැඩි­දු­ර­ටත් මෙසේ ප්‍රකාශ කළාය:

“ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ වානිජ්‍ය පිඨයේ ජනතා විමුක්ති පෙර­මුණේ සමා­ජි­කයෝ කලා පීඨයේ පෙර­ටු­ගාමී පක්ෂයේ අයට පහර දීලා දැන් විශ්ව­වි­ද්‍යා­ලය වහලා දාලා. හැම­දාම ඡන්ද­යක් ළං වෙන කොට විරු­ද්ධ­වා­දීන්ගේ ඔළු පළලා, කැම්පස් වහලා, ශිෂ්‍යයෝ ටික කැන්වසිං යවන එක තමයි ජවිපෙ කළේ.

“දයා පති­ර­ණගේ බෙල්ල කපලා බණ්ඩා­ර­ගම හිරණ තොටු­පොළේ දමා­ගි­හින් තිබුණා. අද ජය­ව­ර්ධ­න­පුර, කොළඹ, කැල­ණියේ, රුහුණේ ජවි­පෙට විරු­ද්ධව දේශ­පා­ල­නය කරන ශිෂ­යන් ටික බය වෙලා ඉන්නවා තම­න්ටත් ඒ ඉර­ණම අත්වෙයි කියලා. තරු­ණයෝ බයයි ස්වාධීන ශිෂ්‍ය සංග­මයේ ඊළඟ නාය­කයා වෙච්ච එල්.කේ. ධර්ම­සිරි 1989 ඔක්තෝ­බර් වල මරලා දැම්මා වගේ තම­න්වත් මරා දමයි කියලා.

“ජාතික පුස්ත­කා­ලයේ පොඩි පක්ෂ­යෙක් රැස්වී­මක් තියෙ­නවා. එතන කතා කරපු නීති­ඥ­ව­ර­යකු ජවිපෙ මහින්ද රාජ­පක්ෂ එක්ක, යහ­පා­ලන ආණ්ඩුව එක්ක වැඩ කරපු ආකා­රය ගැන කියන කොටම පොලු අර­ගෙන ඒ රැස්වීමේ හිටපු අයට ගහ­නවා. ජවිපෙ කාඩර් එක හැසි­රෙන්නේ ගල්ක­ටස් විප්ල­වය පට­න්ගත් කාලේ වගේ­මයි. අනුර කුමාර කිය­නවා මේ රටේ පාල­කයෝ රටේ අධ්‍යා­ප­නය හැදුවේ නෑලු. පක්ෂ­ව­ලට පෝස්ටර් ගහන්න කොල්ලෝ ඕනෑ නිසා. ලංකාව වටේම කැට හොල්ලන්නේ ජවිපෙ කැම්පස් ළමයි ටික; රට පුරා පෝස්ටර් ගහන්නේ ජවිපෙ කාර්මික විද්‍යා­ල­වල, ඉස්කෝලේ යන ළමයි ටික. එහෙම කරන ගමන් කිය­නවා ප්‍රධාන පක්ෂ අධ්‍යා­ප­නය නැති කළා කියලා. ජවි­පෙට වැඩ කරන බහු­ත­ර­යක් ප්‍රධාන පක්ෂ ඇති කරපු අධ්‍යා­පන අව­ස්ථා­ව­න්ගෙන් ප්‍රයෝ­ජන ගත්ත අය. අපේ පක්ෂ හදපු මහ­පොළ ශිෂ්‍ය­ත්වය අර­ගෙන ඉගෙ­න­ගත්ත අය. මේ රටේ බල­යට පත් වෙච්ච හැම ආණ්ඩු­වක්ම අධ්‍යා­ප­නය නඟා­සි­ටු­ව­න්නට වැඩ කළා.

“නිද­හස් අධ්‍යා­ප­නයේ පියා අපේ පක්ෂයේ සී.ඩ්බ්.ඩබ්. කන්න­න්ගර මහතා මධ්‍ය මහා විද්‍යාල හදලා ගමේ මිනි­ස්සුන්ට රටේ ඉහ­ළම තැනට යන්න අව­ස්ථාව හදලා දුන්නා. සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය බද්උ­දීන් මොහො­මඩ් මැති­තු­මාට අධ්‍යා­ප­නය භාර දීලා මේ රටේ දෙමළ – මුස්ලිම් ජන­තා­වට අධ්‍යා­ප­න­යට ඇති අයි­තිය තහ­වුරු කළා. ගුරු පුහු­ණුව, පාසල් ගොඩ­නැ­ඟිලි හදලා පහ­සු­කම් වැඩි කළා. ජේ.ආර්. ජය­ව­ර්ධන මහතා ලංකාවේ අධ්‍යා­ප­නය ලෝක­යට විවෘත කළා. ලලිත් ඇතු­ළ­ත්මු­දලි මහතා මහ­පොළ හදලා දරු­වන්ට නිද­හසේ අධ්‍යා­ප­නය කර­ගෙන යන්න ශක්තිය දුන්නා. මහින්ද ජනා­ධි­ප­ති­ව­රයා මහි­න්දෝ­දය වගේ වැඩ­ස­ට­හන් හදලා පහ­සු­කම් වැඩි කළා. ජවිපෙ මේ රටේ අධ්‍යා­ප­න­යට මොකද කළේ? ස්ටැන්ලි විජේ­සු­න්දර කොළඹ උප­කු­ල­පති මැරුවා; මොර­ටුව විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය චන්ද්‍ර­රත්න පටු­ව­ත­වි­තාන මැරුවා; 87-89 ගල්ක­ටස් විප්ල­වය නිසා ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ සිසුන් 107ක් මැරුණා. කැල­ණියේ සිසුන් 64ක් මැරුණා. රුහු‍ණේ සිසුන් 53ක් මැරුණා. පේරා­දෙ­ණියේ වෛද්‍ය, දන්ත, පශු පීඨ­වල විත­රක් සිසුන් 22ක් මැරුණා. කොළඹ වෛද්‍ය සිසුන් 22ක් මැරුණා. ජවිපෙ විසින් මරපු ලැයිස්තු කියන්න පැය ගානක් ඕනෑ. ජවිපෙ නිසා උසස් අධ්‍යා­ප­නය අහිමි වෙච්ච ගාන මහා පත­රංග ජාතකේ වගේ දිගයි. බලය ලබා­ගන්න ඉස්සර මේ විදි­හට භිතිය වපු­ර­නවා නම්, ගහ­නවා නම් මේ අයට බලය දුන්නොත් කොහො­මට තියෙ­විද?”

නුවන් කොඩි­කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here