Home Politics News Room : කොළඹ මහා නගර සභා බල ප්‍රදේ­ශයේ නිවාස ප්‍රශ්න­යට ස්ථිර...

News Room : කොළඹ මහා නගර සභා බල ප්‍රදේ­ශයේ නිවාස ප්‍රශ්න­යට ස්ථිර විස­ඳු­මක් දෙනවා

0
0

කොළඹ මහා නගර සභා බල ප්‍රදේ­ශයේ පුර­වැ­සි­යන්ගේ නිවාස ප්‍රශ්න­යට ස්ථිර විස­ඳු­මක් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැව­සුවේ 2024 ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉලක්ක කර­ග­නි­මින් සමඟි ජන බල­වේ­ගය සහ සමඟි ජන සන්ධා­නය මඟින් සංවි­ධා­නය කරනු ලබන ජන රැලි මාලාවේ කිරු­ළ­පන රැලිය අම­ත­මිනි.

එහිදී වැඩි දුර­ටත් අද­හස් දැක්වූ සජිත් ප්‍රේම­දාස මහතා:

“වර්ත­මා­නයේ රට වැටී තිබෙන ප්‍රපා­ත­යෙන් ගොඩ ගන්න සමඟි ජන බල­වේ­ගය සහ සමඟි ජන සන්ධා­නය පැහැ­දිලි ප්‍රති­පත්ති මාලා­වක් ඉදි­රි­පත් කර තිබෙ­නවා. නාග­රික සංව­ර්ධ­නය, ග්‍රාමීය සංව­ර්ධ­නය, වතු සංව­ර්ධ­නය ජීව­නෝ­පාය ශක්ති­මත් කිරීම, දස ලක්ෂ­යක් ව්‍යව­සා­ය­ක­යන් බිහි කිරීම, නිෂ්පා­දන කර්මාන්ත ඇති කිරීම, අප­න­යන කේන්ද්‍රීය ආර්ථික වර්ධ­න­ය­කට යොමු වීම, තොරු­තුරු තාක්ෂ­ණය ප්‍රච­ලිත කිරීම වැනි මුළු ජන සමා­ජ­යම වෙළා­ගත්, රට ගොඩ­න­ඟන, රට ශක්ති­මත් කරන නව දැක්ම ක්‍රියා­ත්මක කරන්න සැප්තැ­ම්බර් 21 වැනි­දාට රටේ ලක්ෂ 220කගේ ජන වරම අප බලා­පො­රොත්තු වෙනවා.

“කොළඹ මහා නගර සභා බල­ප්‍ර­දේ­ශයේ පුර­වැ­සි­යන්ගේ නිවාස ප්‍රශ්න­යට ස්ථිර විස­ඳු­මක් දෙනවා. මහල් නිවාස සංක­ල්පය, නගර නිවාස සංක­ල්පය යළිත් වතා­වත් සත්‍ය­යක් යථා­ර්ථ­යක් බවට පත් කරන්න අප අනි­වා­ර්යෙන් කැප වනවා. රණ­සිංහ ප්‍රේම­දාස මැති­තු­මා­ගෙන් පස්සේ අග­නු­ව­රට ලැබුණේ කුඩ­ම්මාගේ සැල­කි­ල්ලක්. වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා වාර ගණ­නා­වක් අග­මැති වෙලා තිබෙ­නවා දැන් ඔහු රටේ ජනා­ධි­පති. ඒත් රටේ නිවාස ප්‍රශ්න­යට තිර­සර වැඩ­පි­ළි­වෙ­ළක් දියත් කරන්න නොහැකි වුණා. සැප්තැ­ම්බර් 21 න් පසුව අග­නු­වර බල­ප්‍ර­දේ­ශයේ නවී­න­තම සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර­නවා. මානව ජනා­වාස වැඩ­ස­ට­හන යටතේ මුඩු­ක්කු­වල, වතු නිවා­ස­වල ජීවත් වන බහු­ත­ර­යක් දුක්වි­දින ජන­තා­වට විස­ඳුම් දෙන්න අප කට­යුතු කර­නවා.

“ඒ වගේම ජන­තා­වගේ ජන ජීවිත ගොඩ­න­ඟන්න අප කැප වනවා. රටේ බහු­ත­ර­යක් ජන­තාව අසී­රු­වෙන් ජීවත් වෙන්නේ. රටේ දරු­වන් විශාල ප්‍රමා­ණ­යක් මන්ද­පෝ­ෂ­ණ­යෙන් පෙළෙ­නවා. මවු­ව­රුන් විශාල ප්‍රමා­ණ­යක් මන්ද­පෝ­ෂ­ණ­යෙන් පෙළෙ­නවා. දරු­වන් සහ මව කියන්නේ ජන සමා­ජයේ වටි­නාම සම්පත.

පාසල් දූද­රු­වන්ට දිවා ආහාර ලබා­දෙන ලෙස ඉල්ලීම කළ පසු රනිල් වික්‍ර­ම­සිං­හගේ ආණ්ඩුව මට හිනා වුණා. ජන­තා­වට සහන දෙන්න කිවු­වාම මට විහිළු කර­නවා. දැරි­යන්ගේ සෞඛ්‍ය ගැන කතා කළාම මට විවිධ පද හැදුවා. ඒත් සත්‍යය කවදා හෝ ජය ගන්නවා. සැප්තැ­ම්බර් 21 වැනිදා අනි­වා­ර්ය­යෙන් සත්‍යය ජය ගන්නවා. සැප්තැ­ම්බර් 21 වැනිදා ලක්ෂ 220ක් ජන ජිවිත සුඛිත මුදිත කරන්න කට­යුතු කර­නවා. ඔබ සියලු දෙනා එක්සිත්ව එක්සත්ව අපේ ජය­ග්‍ර­හ­නය වෙනු­වෙන් ඔබගේ ශක්තිය දෙන්න කියලා මම ඉල්ලා සිටි­නවා.

“රටට තිබෙන එකම වික­ල්පය සමඟි ජන බල­වේ­ගය සහ සමඟි ජන සන්ධා­නය පම­ණයි. රනිල් වික්‍ර­ම­සිංහ සහ අනුර කුමාර දිසා­නා­යක අද දේශ­පා­ලන ජෝඩ­වක් බවට පත් වෙලා අව­සා­නයි. ඒ දෙප­ළගේ එකම අර­මුණ සජිත් ප්‍රේම­දා­සගේ ජය­ග්‍ර­හ­ණය වළ­ක්ව­න්නයි. ඒ සඳහා ඔවුන් දෙදෙනා සිදු කරන්න පුළු­වන් සැම කුම­න්ත්‍ර­ණ­යක්ම කර­නවා. මේ දෙන්නාම රාජ­ප­ක්ෂ­ව­රුන්ගේ කැබි­නට් මණ්ඩ­ලයේ සිටියා. ඒත් කිසිම දව­සක රට බංකො­ලොත් කළ පිරිස වෙනු­වෙන් සජිත් ප්‍රේම­දාස සහ සමඟි ජන­බ­ල­වේ­ගය පෙනී සිටියේ නෑ. ඒ නිසා සැප්තැ­ම්බර් 21 වැනිදා රටේ ජන­තා­වගේ වටිනා ඡන්ද දුර­ක­ත­නය වෙනු­වෙන් භාවිත කොට‍ ­රට ප්‍රග­ති­ශීලි හැර­වුම් ලක්ෂ්‍ය­ය­කට ගෙන එ්මට මුල පුරන්න කියලා ඉල්ලා සිටි­නවා.”

සමඟි ජන බල­වේ­ගයේ ජාතික සංවි­ධා­යක තිස්ස අත්ත­නා­යක මහතා:

“සජිත් ප්‍රේමා­දස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ තිබෙන ජන­තා­වට දෙන සහ­නා­ධාර ප්‍රමා­ණය දෙන්නේ කොහො­මද කියලා බොහෝ පිරි­සක් ප්‍රශ්න කර­නවා. ගොවීන්ට පොහොර දෙනවා කිවු­වාම, ජන­ස­විය වැනි වැඩ­පි­ළි‍වෙ­ළක් ක්‍රියා­ත්මක කර­නවා කිවු­වාම බොහෝ දෙනෙක් අහ­නවා මේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කරන්න මුදල් කොහෙන්ද කියලා. මේ සියල්ල සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරන්නේ රටේ පව­තින ආර්ථික තත්ත්වය දැන­ගෙ­නයි. ඒ අනුව ක්‍රියා කරන්න පුළු­වන් වැඩ­පි­ළි­වෙ­ළක් තිබෙන නිසා තමයි අප මේ සහ­නා­ධාර දෙන්න කට­යුතු කරන්නේ.

“සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වැළැ­ක්වී­මට විවිධ පුද්ග­ල­යන් බාධා කර­නවා. මොන බාධක පැමි­ණි­යත් සැප්තැ­ම්බර් 21 වැනිදා ජන­නා­ධි­පති මැති­ව­ර­ණ­යෙන් ජය ගන්නේ සජිත් ප්‍රේම­දාස මහතා බව තහ­වුරු වෙලා අව­සා­නයි. ජාතික ජන බල­වේ­ගයේ පිරිස් විසින් සමඟි ජන බල­වේ­ගයේ පාක්ෂි­ක­යන්ට හිරි­හැර කර තිබෙන බවට අපට තොර­තුරු වාර්තා වෙලා තිබෙ­නවා. සැප්තැ­ම්බර් 21 වැනිදා ප්‍රජා­ත­න්ත්‍ර­ව­දාය අගය කරන පාල­ක­යෙකු අතට රටේ පාල­නය නොගිය හොත් ඇති වන විනා­ශය බර­ප­ත­ළයි. ඒ නිසා පරි­ස්මෙන් තමන්ගේ ජන මතය තීන්දු කරන්න කියලා සියලු ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා.”

විප­ක්ෂයේ නියෝජ්‍ය සංවි­ධා­යක හර්ෂණ රාජ­ක­රුණා මහතා:

“සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් අද පාර්ශ්ව ගණ­නා­වක් එකතු වෙලා තිබෙ­නවා. සියලු ජාති නියෝ­ජ­නය කරන, සියලු ආගම් නියෝ­ජ­නය කරන කණ්ඩා­යම් සියල්ල අද සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් ඒක­රාශි වී සිටි­නවා. ඒ වගේම මෙවර ජනා­ධි­පති ධුර­යට තරග කරන නාමල් රාජ­ප­ක්ෂව අත්හැ­රලා පොදු­ජන පෙර­මුණේ විශාල පිරි­සක් එළි­යට බැහැලා තිබෙ­නවා. නාමල් රාජ­ප­ක්ෂව ආරක්ෂා කරන්න අද රාජ­පක්ෂ පවුල විත­රයි ඉන්නේ. රාජ­ප­ක්ෂ­ව­රුන් අද රටේ ජන­තාව ප්‍රති­ක්ෂේප කර අව­සා­නයි.

“සජිත් ප්‍රේම­දාස මහතා කියන්නේ රටට වැඩක් කරපු නාය­ක­යෙක්. ඔහු විප­ක්ෂයේ සිටින කාලයේ රටේ පාස­ල්ව­ලට, රෝහ­ල්ව­ලට අවශ්‍ය උප­ක­රණ පිරි­න­මන්න කට­යුතු කළා. ඒ වගේම සජිත් ප්‍රේම­දාස මහතා සමඟ රට භාර ගන්න දක්ෂ පළ­පු­රුදු කණ්ඩා­ය­මක් සිටි­නවා. ඒ නිසා සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් සියලු දෙනාම එකතු වෙමු.”

සමඟි ජන බල­වේ­ගයේ කඩු­වෙල ප්‍රධාන සංවි­ධා­යිකා හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍ර­ම­රත්න, පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. එම්. මරි­ක්කාර් මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here