38
“අවුරුදු 75ක් ඇයි ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු පිළිගත්තේ නැත්තේ? අපි බලෙන් ගත්තේ නෑනේ. අපි ගත්තේ මහජනතාවගේ කැමැත්තෙන් නම් මහජනතාව නම් අපට ඒ බලය පැවරුවේ දැන් අපි අහන්න ඕන අවුරුදු 75ක්ම ඇයි ඔබතුමන්ලාව මේ රටේ මිනිස්සු පිළිගත්තේ නැත්තේ කියලා. පිළිගත්තේ නැති නිසයි බලය දුන්නෙ නැත්තේ. මිනිස්සු පිළිගත්තේ නැති නිසා – බලය ලැබුණෙ නැති නිසා දැන් මේක අපට දෙන්න කිව්වට හරියනව ද? හිඟාකෑවට හරියනව ද? මේ රට අවුරුදු 75ක් නෙමෙයි, දැනටත් කන්නේ ජේ.වී.පීකාරයෝ.Ó යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයේ පැවති ජනහමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
Òඅනුර කියනවා රට අනුරට කියලා. රට එයාට භාර දෙනවාලු. හැබැයි අපි මේ වෙලාවේ වැඩපිළිවෙළක් තමයි අනුමත කරලා තියෙන්නේ. අපි රට රනිල්ට දෙන්නෙත් නෑ, සජිත්ට දෙන්නෙත් නෑ, අනුරට දෙන්නෙත් නෑ.හේතුවක් තියෙනවා.අපි පහුගිය කාලයේ රට මහින්දට දුන්නා නේද? ඒකේ ඵල විපාකය තමයි දෙපාරක් ජනාධිපතිකම් කරලත් මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙනකොට අපි හැමෝම එකට එකතු වෙන්න ඕන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මහරජාණෝ කිව්ව නිසාම, යුද්ධය අවසන් කළ නිසා උපරිම සැලකිලි කරපු නිසාම හිතාගෙන ඉන්නවා මේ රටේ සියලුම අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ට කියලා.ඒ නිසා තමයි දිනන්න බැරි බවත් දැනගෙන පුතාව ජනාධිපති අපේක්ෂකයා කළේ. ජනාධිපති අපේක්ෂකයා වුණ නාමල්ට දිනන්න බෑ කියලා ඉතාමත් පැහැදිලියිනේ. රට මහින්ද මහත්තයාට දුන්න නිසා එයා හිතුවා ඒකේ අයිතිකාරයා කියලා. එයාට අමතකයි එයා භාරකාරයා කියලා. අනුර කුමාර දිසානායක මහත්තයා හරි හොඳයි, හරි අහිංසක යෝජනාවක් කරනවා දැන් අපිට අපේ ගම්වලට, ගෙවල්වලට ඇවිත් කියනවා ඔබතුමන්ලා අවුරුදු 75ක් බලයේ හිටියානේ, ඒ නිසා මේ 5 අපට දෙන්න කියලා. අපි මේක ලිහාගන්න එපැයි. අපි බලෙන් ගත්තේ නෑනේ. අපි ගත්තේ මහජනතාවගේ කැමැත්තෙන් නම් මහජනතාව නම් අපිට ඒ බලය පැවරුවේ දැන් අපි අහන්න ඕන අවුරුදු 75ක්ම ඇයි ඔබතුමන්ලාව මේ රටේ මිනිස්සු පිළිගත්තේ නැත්තේ කියලා. පිළිගත්තේ නැති නිසයි බලය දුන් නැත්තේ. මිනිස්සු පිළිගත්තේ නැති නිසා – බලය ලැබුණේ නැති නිසා දැන් මේ 5 අපට දෙන්න කිව්වට හරියනවා ද? හිඟාකෑවට හරියනවා ද? මේ අපි පත් කරගන්න යන්නේ රටේ ජනාධිපති කෙනෙක්. රටේ අනාගත වැඩපිළිවෙළක් අපි අනුමත කර ගන්න යන්නේ. දැන් ඉල්ලන ඉල්ලන කෙනාට දෙන්න ගිහින් ඊළඟ අවුරුදු 5දී දෙමළ සන්ධානය ඉල්ලුවොත් සිංහල කට්ටිය අවුරුදු 75ක් කළානේ. ජේ.වී.පී එකටත් 5ක් ඔයගොල්ල දුන්නානේ, මේ 5 අපට දෙන්න කියලා දෙමළ සන්ධානය ඉල්ලුවොත් දෙනවාද? ඊළඟ අවුරුදු 5දී මුස්ලිම් කට්ටිය ඇවිත් ඉල්ලුවොත් දෙනවා ද? සිංහලත් හිටියා, දෙමළත් හිටියා, ජෙප්පොත් හිටියා අනේ අපි විතරනේ හිටියේ නැත්තේ අපිටත් දෙන්නකෝ කිව්වොත් අපි දෙනවා ද? මේක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නෙමෙයි. ඒ නිසා ගෙවල් ගානේ ඇවිත් කියනකොට 75ක් හිටියානේ අපට මේ 5 දෙන්න කියලා අහන්න ඕන එක ප්රශ්නයයි, 75ක් ඒ අයව මිනිස්සු විශ්වාස කළේ නැත්තේ ඇයි කියන එක ඉස්සරලා හොයාලා බලන්න. දැන් කියන්නේ දේශපාලනඥයෝ හොරා කෑවාලු, දේශපාලනඥයෝ හොරුලු, අපි පිළිගන්නවා එක දෙයක්, අපෙත් හොරෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. දැන් මේ ළඟදීත් එක්කෙනෙක්ට ඇප හම්බවුණානේ මාස ගාණක් ඇතුළේ ඉඳලා. හැබැයි රනිල් මහත්තයා හොරු රැක්කේ නෑ, හොරකම් කරන්න බැරි වෙන්න නීතිය හැමෝටම සමාන කළා. ඒ නිසා තමයි අපේ ඇමැතිවරයකුත් මාස ගණනක් හිරේ හිටියේ. මේ දුප්පත් මවුපියෝ විශ්වවිද්‍යාලයට දරුවෙක් යවන්නේ කොච්චර බලාපොරොත්තු තියාගෙන ද? බොහෝම අමාරුවෙන් ඉගෙන ගෙන, තරග විභාගවලින් පාස් වෙලා, ලොකු බලාපොරොත්තුවකින් තමයි විශ්වවිද්‍යාලයට යන්නේ. මේ මවුපියෝ ගෙදර තියෙන වී මිටිය විකුණලා හරි, කුලී වැඩක් කරලා හරි ළමයාට ඕන වියදම යවනවානේ, මවුපියෝ එච්චර අමාරුවෙන් තමන්ගේ දරුවාට උගන්වලා තැනකට ගේන්න හදන කොට, වතුර බාල්දියේ කකුල් දෙක දාගෙන පාඩම් කරලා විශ්වවිද්‍යාලයට ගියපු දරුවාට ජේ.වී.පී කාරයෝ ඉගෙන ගන්න දෙනවා ද? ගියපු දවසේ ඉඳන් උන්ව දක්කනවා කොළඹ කොටුවට උද්ඝෝෂණවලට. අරුන්ට ඉගෙන ගන්න හම්බෙන්නේ නෑ. උද්ඝෝෂණයට ගියේ නැත්නම් ඇතුළේ වෙනස්කම්. අදටත් මේ රටේ තරුණ පරම්පරාව විනාශ කරන්නේ ජේ.වී.පී කාරයෝ. හැබැයි ඒගොල්ලන්ගේ ළමයි පිටරටවල. ඒගොල්ලන්ගේ ළමයි ඉගෙන ගත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල .මේ රටේ අදටත් මේ මොහොතෙත් රට භාර ගන්න ඉන්න තරුණ පරම්පරාව විනාශ කරන්නේ ජේ.වී.පී කාරයෝ නේද? දැන් එතකොට අනුර කුමාර කියනවා පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා.රටේ රාජ්‍ය නායකයාට, ජනාධිපතිට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අවුරුදු 4කට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාවේ තියෙනවා.
හැබැයි දැන් පාර්ලිමේන්තුව විසුරුවනවා නම් අනිවාර්යයෙන් මැතිවරණයක් තියන්න එපැයි. මැතිවරණයක් තියන්න නම් මුදල් ඕන, ප්‍රාදේශීය සභාව විසුරුවලා ඡන්දය නොතියා හිටියා වගේ, පළාත් සභාව විසුරුවලා ඡන්දය නොතියා හිටියා වගේ, පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දය නොතියා ඉන්න බෑ. එහෙම නම් විසුරුවනවා කියන්න කලින් සල්ලි හොයා ගන්න ඕන. 2025ට අය වැය හැදෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර්වල. ඒ නිසා ඡන්දේ තියන්න නම් අතුරු අයවැයක් හරි හදිසි අයවැයක් හරි මොකක් හරි දාන්න එපැයි. පාර්ලිමේන්තුවට දාලා අනුමත කර ගන්න ඕන. ඒක අනුමත කර ගන්න ඡන්ද 113ක් ඕන. අනුර කුමාර බොරු කිය කිය ඉන්නේ නැතිව වේදිකාවේ එයා 113 හදාගන්න විදිහ කියන්න. එයා විසුරුවන විදිහ, මුදල් හොයා ගන්න විදිහ කියන්න. මේ රටට තවත් බොරු කියන්නේ නැතිව මේ රට විනාශ කරන්නේ නැතිව, ඇත්ත එයා කියන්න ඕනෑ.Ó
එප්පාවල – තිසර සමල්