Home Politics News Room : මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

News Room : මියගිය ජනාධිපති අපේක්ෂකයා ගැන කොමිසම ගත් තීරණය

2
0

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක ආයිදෘස් ඉල්ලියාස් මහතා වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත් කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිසම සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණයට ආයිදෘස් ඉල්ලියාස් මහතා ඉදිරිපත්ව සිටියේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසය.

ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය අගෝස්තු මස 22වැනිදා රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය.

නමුත් ඔහු වෙනුවට කිසිදු ස්වාධීන අපේක්ෂකයෙක් පත් කළේ නැත .

මේ හේතුවෙන් ජනාධිපතිවරණයේදී ආයිදෘස් ඉල්ලියාස් මහතාට ලැබෙන ඡන්ද සියල්ලම අවලංගු ඡන්ද සේ සැලකීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here