Home Sport News Room : විස්සයි20 ලෝක කුස­ලා­න­යට ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

News Room : විස්සයි20 ලෝක කුස­ලා­න­යට ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

0
0

ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යේදී පැවැ­ත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වන ශ්‍රී ලංකා සංචි­තය නම් කිරී­මට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමි­ටුව කට­යුතු කර තිබේ.

චමරි අත­ප­ත්තුගේ නාය­ක­ත්ව­යෙන් යුත් මේ සංචි­ත­යට ක්‍රීඩි­කා­වන් 15 දෙනකු ඇතු­ළත් වන අතර, එක් අති­රේක ක්‍රීඩි­කා­වක් එක් කිරී­මට ද කට­යුතු කර ඇත.

මේ සංචි­ත­යට පළ­පු­රුදු ක්‍රීඩි­කා­වක වන ඉනෝකා රණ­වීර කැඳවා තිබීම විශේ­ෂ­ත්ව­යක් වන අතර, ඒ හේතු­වෙන් ශ්‍රී ලංකා පිල අව­සන් වරට සහ­භාගි වූ අය­ර්ලන්ත සංචා­ර­යට නම් කර සිටි කාව්‍යා කාවි­න්දිට ස්ථානය අහිමි වී තිබේ. ඇය ආසි­යානු කුස­ලාන තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කළාය.

38 හැවි­රිදි ඉනෝකා රණ­වීර අව­සන් වරට පසු­ගිය ජූනි මාසයේ සංචා­රක බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි තර­ගා­ව­ලි­යට එක් වූවාය. මේ වන විට විස්සයි20 ජාත්‍ය­න්තර තරග 82ක් ක්‍රීඩා කර ඇති ඉනෝකා දවා­ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 91කි.

මේ අතර අව­සන් වරට පැවති තර­ගා­ව­ලියේ ක්‍රීඩි­කා­වන් 15 දෙනා අතර සිටි කෞෂානි නුත්‍යාං­ගනා මේ සංචි­ත­යට අති­රේක ක්‍රීඩි­කා­වක ලෙසින් නම් කොට තිබේ.

කාන්තා ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය ලබන මස 3 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යේදී ආරම්භ වන අතර, ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග වදින ශ්‍රී ලංකා පිල පළමු දින­යේම පාකි­ස්තා­න­යට එරෙ­හිව සාජා­හිදී පිටි­යට පිවි­සෙයි.

5 වැනිදා ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව, 9 වැනිදා ඉන්දි­යා­වට එරෙ­හිව, 12 වැනිදා නව­සී­ල­න්ත­යට එරෙ­හිව ශ්‍රී ලංකා පිල මූලික වට­යේදී තරග වැදී­මට නිය­මි­තය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩා­යම – චමරි අත­පත්තු (නායිකා), හර්ෂිතා සම­ර­වි­ක්‍රම, විශ්මි ගුණ­රත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජී­වනී, සචිනි නිසං­සලා, උදේ­ශිකා ප්‍රබෝ­ධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුල­සූ­රිය, ඉනෝකා රණ­වීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා, සුග­න්ධිකා කුමාරි, අති­රේක – කෞෂානි නුත්‍යාං­ගනා.

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here