Home Politics News Room : ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය ඔක්:26දා

News Room : ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණය ඔක්:26දා

0
0

මෙවර පැවැ­ත්වෙන 09 වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් පසුව ඔක්තෝ­බර් 26 වැනි දින ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභාව සඳහා පුංචි මැති­ව­ර­ණය පැවැ­ත්වෙනු ඇත.

ඒ සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­සම ඉකුත් 03 ගැසට් නිවේ­ද­න­යක් ද නිකුත් කර ඇත.

නාම­යෝ­ජනා භාර ගැනීම ද මේ වන විට සිදු­කර අව­සන්ය. ඇල්පි­ටිය මැති­ව­රණ කොට්ඨා­ස­යට අයත් ඡන්ද මධ්‍ය­ස්ථාන 48 ඡන්ද විම­සීම සිදු­කෙරේ.

ඒ අත­රින් කාන්තා නියෝ­ජ­නය 09කි. පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 10ක් හා ස්වාධීන කණ්ඩා­යම් 02ක් ඇප මුදල් තැන්පත් කළ ද නාම­යෝ­ජනා භාර දෙනු ලැබුවේ පිළි­ගත් දේශ­පා­ලන පක්ෂ 8ක් හා ස්වාධීන කණ්ඩා­යම් එකක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධාරි ඩබ්ලිව්.ඒ. ධර්ම­සිරි මහතා ‘දින­මිණ’ කළ විම­සු­ම­කට පිළි­තුරු දෙමින් පැවැ­සු­වේය.

නාම­යෝ­ජනා භාර ගැනීමේ නිවේ­ද­නය ඉකුත් මස 26 වැනිදා ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා තේරීම් භාර නිල­ධා­රියා විසින් ප්‍රසි­ද්ධි­යට පත් කර තිබුණි. විරෝ­ධතා අනුව ශ්‍රී ලංකා කොමි­යු­නිස්ට් පක්ෂයේ හා ස්වාධීන කණ්ඩා­ය­මක නාම­යෝ­ජනා ප්‍රති­ක්ෂේප විය. දෙවැනි පර­පුර හා ජාතික ජනතා පක්ෂයේ නම් දෙක ප්‍රති­ක්ෂේප විය.

ඇල්පි­ටිය ප්‍රාදේ­ශීය සභා මැති­ව­ර­ණ­යට අදා­ළව ඡන්ද­දා­ය­ක­යන් 55,643ක් සුදු­සු­කම් ලබා ඇත. එලෙස සුදු­සු­කම් ලබා ඇත්තේ 2018 වර්ෂයේ ඡන්ද­දා­යක ලියා­ප­දිංචි කිරීමේ නාම­ලේ­ඛ­න­යට අනු­වය.

ඉදිරි මැති­ව­ර­ණය වෙනු­වෙන් සියලු කට­යුතු සූදා­නම් කර ඇත. ඔක්තෝ­බර් 26 වැනිදා පුංචි ඡන්දය පැවැ­ත්වෙනු ඇත.

1982, 1988, 1994, 1999, 2005, 2010, 2015, 2019 වර්ෂ­ව­ලදී පැවැත්වූ ජනා­ධි­ප­ති­ව­ර­ණ­ව­ලින් පසුව පාර්ලි­මේන්තු මැති­ව­රණ පැවැ­ත්වු­වත් මෙවර 09 වැනි ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වී­මෙන් පසුව යළි ඔක්තෝ­බර් 26 වැනිදා ඇල්පි­ටිය ප්‍රා.සභා මැති­ව­ර­ණය පැවැ­ත්වීම මෙරට මැති­ව­රණ ඉති­හා­ස­යට එක්වනු ඇති බව පැවසේ.

මැද කොළඹ සමූහ – ආරි­ය­රත්න ගනේ­ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here