22
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිසම කියයි. ඒ අනුව ජූලි 31 වැනිදා සිට ඊයේ (20) පෙරවරුව දක්වා මැතිවරණ පැමිණිලි 269ක් වාර්තා වූ බව මැතිවරණ කොමිසම පවසයි. ජූලි මස 31 සිට 20 දක්වා දක්වා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 5214ක් ලැබී තිබේ. ඉන් පැමිණිලි 4620ක් විසඳා ඇති අතර පැමිණිලි 534ක් සම්බන්ධයෙන් ක්‍රියාකරමින් පවතින බවද කීවේය.
සුභාෂිණී සේනානායක