20
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රාදේවි වන්නිආරච්චි සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහත්ම මහත්මීන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.
පසුගිය ජූලි මස 29 වැනි දින රැස්වූ පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ අපේක්ෂකයාට සහාය පළ කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් වෙනත් අපේක්ෂකයෙකුට සහාය පළ කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා තිබේ.
පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවේ, විධායක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය මෙන්ම පක්ෂයේ ජාතික කැඳවුම්කාර ධුරය ද අත්හිටුවා ඇති බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.
එම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ.
මහින්ද අලුත්ගෙදර