21
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) ක්‍රිකට් තරගාවලියේ පෙරමුණ ගෙන සිටි කොළඹ පිල ඊයේ එම ස්ථානය තවදුරටත් රැක ගැනීමට සමත් වූයේ 5 වැනි ජය වාර්තා කරමිනි.
කණ්ඩායම බවට පත්ව සිටි ගාල්ල කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු පරාජය අත්කර දීමට කොළඹ පිල ඊයේ සමත් විය. කොළඹ පිල හමුවේ දඹුල්ල කණ්ඩායම කඩුලු 7කින් පරාජය වූ අතර, ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන දඹුලු පිලට පිට පිට අත්වූ 5 වැනි පරාජය මෙයයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුලු පිල ලකුණු 215කින් නතර කළ කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී තිබියදී ජය හිමි කර ගත්තේ පන්දු 39ක් ද ඉතිරි කර ගනිමිනි.
අශේන් බණ්ඩාර ලකුණු 39ක්, කවිඳු නදීෂාන් නොදැවී ලකුණු 33ක්, නිපුන් ධනංජය සහ ෂෙවෝන් ඩැනියෙල් ලකුණු 32 බැගින් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් දවා ගත්හ.
ගයන වීරසිංහ ලකුණු 77ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් දඹුලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු යැවීමේදී දිලුම් සුදීර සහ නිසල තාරක කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, නිෂාන් පීරිස් කඩුලු 2ක් දවා ගත්තේය.
මේ අතර මහනුවර කණ්ඩායම සමඟ හම්බන්තොට පැවති තරගයෙන් කඩුලු 9ක ජයක් හිමි කර ගැනීමට යාපනය කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් මහනුවර පිල ලකුණු 140කට සීමා කළ යාපනය ක්‍රීඩකයෝ ඕවර 14.1කින් ජය හිමි කර ගත්තේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.
සඳුන් වීරක්කොඩි (77) සහ රොන් චන්ද්‍රගුප්ත (51) යාපනය ඉනිමට අර්ධ ශතක එක් කළහ.
සහන් ආරච්චිගේ ලකුණු 38ක් රැස් කරමින් මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, කල්හාර සේනාරත්න කඩුලු 3ක්, නිපුන් මාලිංග හා පුලින තරංග කඩුලු 2 බැගින් දවා ගත්හ.
කොළඹට කඩුලු 3ක ජයක්
දඹුල්ල – 215 (ඕවර 43.5) ගයන වීරසිංහ 77 (දිලුම් සුදීර 27/3, නිසල තාරක 43/3, නිෂාන් පීරිස් 25/2)
කොළඹ – 219/7 (ඕවර 43.3) අශේන් බණ්ඩාර 39, කවිඳු නදීෂාන් නොදැවී 33, නිපුන් ධනංජය 32, ෂෙවෝන් ඩැනියෙල් 32 (කසුන් රාජිත 33/2, දුෂාන් හේමන්ත 46/2)
යාපනයට කඩුලු 9ක ජයක්
මහනුවර – 140 (ඕවර 43.3) සහන් ආරච්චිගේ 38 (කල්හාර සේනාරත්න 32/3, නිපුන් මාලිංග 9/2, පුලින තරංග 17/2)
යාපනය – 141/1 (ඕවර 14.1) සඳුන් වීරක්කොඩි 77, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 51
නිරෝෂාන් ප්‍රියංකර