23
අවුරුදු 17න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ හොරණ ශ්‍රීපාලි විද්‍යාලය සහ මහරගම ජනාධිපති විද්‍යාලය අතර අර්ධ අවසන් පූර්ව තරගය අද (7) මොරටු විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රීපාලි විද්‍යාලය පෙර තරග වටයේදී හම්බන්තොට සාන්ත මරියා විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, මහරගම ජනාධිපති විද්‍යාලය පෙර තරග වටයේදී කළුතර වේලාපුර මහා විද්‍යාලය පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. හොරණ ශ්‍රීපාලි විද්‍යාලය දනුජ සේජාන් විසින් මෙහෙයවනු ලබන අතර මහරගම ජනාධිපති විද්‍යාල පිල පසිඳු අමරසිංහ විසින් මෙහෙයවනු ලබයි.
මහරගම ජනාධිපති විද්‍යාල සංචිතය: පසිඳු අමරසිංහ (නායක), සිතික නෙත්මික (උප නායක), හිවින් ද සොයිසා, චානුක තේජාන්, තරුෂ දිනෙත්, යසිරු ඉඳුවර, නමිදු ඉමේෂ්, උමේෂ් මක්සිම්, තිසුන්ත විමාංජන, සිනෙත් දක්ෂිත, තෙමාන් හේමචන්ද්‍ර, චන්සිළු සන්රුත, නෙතුජ දෙව්නෙත්, සඳරු තරින්ද, හේමන්ත රණසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), නිදුල් ලියනගේ මහතා (සහාය පුහුණුකරු), සුරන්ති රත්නායක මහත්මිය (ක්‍රිකට් භාර ආචාරිණී).
හොරණ ශ්‍රීපාලි විද්‍යාල සංචිතය: දනුජ සේජාන් (නායක), රුක්මාල් වීරසිංහ, නෙවන් චන්දුල්, සසෙන් දෙව්සත්, යුමාල් යසින්ත, පූර්ණ අර්චනා, ෂෙහාන් දීමන්ත, මුදිත නවාංජන, රනිෂ්ක කෞශල්‍ය, තේනුක බවන්ත, තරුෂ සත්සර, නවිරු නෙත්යුග, සේමිත ගිත්සර, මහීප ගමගේ මහතා (ප්‍රධාන පුහුණුකරු), සුසිරි කිඳෙල්පිටිය (සහාය පුහුණුකරු), ප්‍රසාද් මධුසංක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය).
ඉෂානි යද්දෙහි