Home Sport News Room : ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩා­යම මිය­න්මා­ර­යට යයි

News Room : ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩා­යම මිය­න්මා­ර­යට යයි

1
0

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩා­යම ඊයේ අලු­යම මිය­න්මා­රය බලා පිටත්ව ගියේය. මේ 10 වැනිදා හා 13 වැනිදා මිය­න්මාර ජාතික පාපන්දු කණ්ඩා­යම සමඟ පාපන්දු තරග දෙකක් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. මේ තරග දෙක මිය­න්මා­රයේ යෙන්ගො­න්හිදි පැවැ­ත්වෙන අතර, කණ්ඩා­යම් දෙකම ලෝක පාපන්දු ශ්‍රේණි­ගත කිරීමේ ඉදි­රි­යට පැමි­ණීමේ අපේ­ක්ෂා­වෙන් තරග බිමට පිවි­සෙති.

වසර අට­කට පසු ශ්‍රී ලංකාව පසු­ගි­යදා ෆීෆා පාපන්දු ලෝක ශ්‍රේණි­ගත කිරී­ම්වල 200 වැනි ස්ථානය දක්වා ඉහ­ළට පැමිණි අතර, එයට ප්‍රධාන හේතුව වූයේ කාම්බෝ­ජ­යට එරෙහි තර­ගය ජය ගැනී­මය. මේ හේතු­වෙන් ශ්‍රී ලංකා පාපන්දු පිලේ විශ්වා­සය ඉහළ නැංවී ඇති අතර, ඉදිරි තර­ග­ව­ලට එම තත්ත්වය සුබ­දා­යක ලෙස බල­පානු ඇතැයි විශ්වාස කෙරේ.

මිය­න්මා­රය දැනට ෆීෆා පාපන්දු ලෝක ශ්‍රේණි­ගත කිරී­ම්වල 167 වැනි ස්ථානයේ පසු­වන බැවින් මේ තරග දෙකේදී ශ්‍රී ලංකා­වට ප්‍රබල ප්‍රති­වා­දි­යෙකු වනු ඇත.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩා­යම හා මිය­න්මා­රය අතර, ඉති­හා­සයේ තරග දෙකක් පවත්වා එම තරග දෙකම මිය­න්මා­රය ජය වාර්තා කළේය. 2008දී පැවැති ආසි­යානු පාපන්දු සම්මේ­ලන කුස­ලාන තර­ගා­ව­ලි­යේදී මිය­න්මා­රය ගෝල් 3-1කින් ශ්‍රී ලංකාව පරා­ජය කළ අතර, 2010දී අන්ත­ර්ජා­තික සුහද පාපන්දු තර­ග­ය­කදී ගෝල් 4-0කින් මිය­න්මා­රය ජය ගත්තේය. මෙවර මිය­න්මා­රය හා ශ්‍රී ලංකාව තරග බිමට පිවි­සෙන්නේ වසර 14කට පසු­වීම විශේ­ෂ­ත්ව­යකි.

ප්‍රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here