121
මහජනතාව විසින් ඉදිරිපත් කර ඇති සියලුම සුළු පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙස පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ නිළධාරීන්ට වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී තිබේ.
පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති විවිධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් විභාග නොකර හෝ විභාග අවසන් කර නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ සඳහන්වේ.
මේ හේතුවෙන් සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන විවිධ පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම පොලීසිය කෙරෙහි මහජනයාගේ විශ්වාසනීයත්වය පළුදුවීම වැනි අගතිදායක තත්වයන් ඇති විය හැකි බව ද එම නියෝගයේ දැක්වේ.
මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තා වූ දිනයේම විභාග ආරම්භ කිරීමටත් පැය 48ක් ඇතුළත විභාග අවසන් කිරිමටත් පොලිස් ස්ථානාධිපතිවරුන් පියවර ගත යුතු බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා නියෝග කර තිබේ.
මෙම උපදෙස් අනුව ක්‍රියාකරන්නේ ද යන්න සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිවේදන නිළධාරීන් විසින් පරික්ෂා කර ඊට පටහැනිව ක්‍රියා කරනු ලබන ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන්වේ.