Home Politics News Room : එජාපය සමඟ කතා තාවකාලිකව නතර වුණා

News Room : එජාපය සමඟ කතා තාවකාලිකව නතර වුණා

0
0

එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කළ සාකච්ඡා තාවකාලිකව නතර වී තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

ගෙවී ගිය දෙවසර රටේ අන්ත දූෂණයන් සිදු වූ වසර දෙකක් බව ද මරික්කාර් මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.

ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවැසීය,

“මම දන්න තරමට එක්සත් ජාතික පක්ෂය සමඟ තිබ්බ සාකච්ඡා තාවකාලිකව නතර වී තිබෙනවා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කරන සාකච්ඡාවලින් සිදු වන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීම යන කෙටි තැනකට සීමා වීමක් නෙවෙයි. රටේ දක්ෂිණාංශික දේශපාන කදවුරු එකතු විය යුතුයි.

දක්ෂිණාංශික දේශපාලන කඳවුරු බෙදුණාම ඡන්දයක දී ලක්ෂ 25ක් පමණ ජනතාව ඡන්දය භාවිත කරන්නේ නෑ. දක්ෂිණාංශික මතවාදය දරන සියලු දෙනා එකතු කරන්න තමයි අපි උත්සාහ ගන්නේ.

දක්ෂිණාංශික මතවාදය තිබෙන සියලු දෙනා එකතු කරනවා විනා දක්ෂිණාංශික කඳවුරේ සිටින හොරු තක්කඩීන් එක්ක එකතු වීම නොවෙයි. ඒ දෙක පටලවා ගන්න එපා.

දක්ෂිණාංශික කඳවුරේ සිටින හොරුත් එක්ක අපි කවදාවත් එකතු වෙන්නේ නෑ. පසුගිය අවුරුදු දෙක කියන්නේ මේ රටේ ඉතාම අන්ත දූෂණයන් සිදු වෙච්ච අවුරුදු දෙකක්. තෙල්වලින් හොරකම් කරා. ගෑස්වලින් හොරකන් කරා. පාස්පෝට්වලින් හොරකම් කරා. ගොඩක් ජාතිවලින් හොරකම් කරා.

මම කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදියට අවස්ථා ගණනාවක දී විවිධ ආයතන ගෙන්වන්න කියලා ලිඛිත ඉල්ලීම් කෙරුවා. ඒවා මඟහැර සිටියා, දූෂණයන් වෙන්න ඉඩ දීලා.

මැතිවරණවල දී සමගි ජන බලවේගය පරාජයට පත් වුණත් අපේ පක්ෂය තුළ දූෂිත දේශපාලනඥයන් නැහැ. සමගි ජන බලවේගයේ සිටින්නේ පිරිසිදු කණ්ඩායමක්. දක්ෂිණාංශික කඳවුරේ සිටින පිරිසුදු මිනිස්සු එකතු කරගෙන ඉදිරියට යන්න තමයි අපි කටයුතු කරන්නේ.

ඒ වගේම ඡන්දය භාවිත නොකළ ලක්ෂ 25ක වගේ ප්‍රමාණයට ඡන්ද පොළට ගෙන්වා ගැනීම තමයි සමගි ජන බලවේගයේ අරමුණ. ඒ වගේම කඳවුරු එකතු වීමක් සිදු වුණොත් එහි නායකයා බවට පත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා.

රක්ෂණ ශ්‍රියන්ත‍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here