Home Politics News Room : නාමල් රට තවත් වළපල්ලට ඇද දමනවා සර්ව ජනබලය නායක...

News Room : නාමල් රට තවත් වළපල්ලට ඇද දමනවා සර්ව ජනබලය නායක දිලිත් ජයවීර

0
0

නාමල් දැන් ආරම්භ කර තිබෙන්නේ මේ රට තවත් වළපල්ලට ඇද දමන ගමනක් යැයි සර්ව ජනබලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. පොහොට්ටුවේ මාධ්‍ය හමුවල පිටුපස දක්නට ලැබෙන තිරයේ බැසිල්ගේ රුව තවමත් කැරකෙන බවත් ඔහු ඉවත්ව යන්නේ රට තවත් කරකවා බවත් ඒ මහතා කීය.

මහනුවර, නුගවෙල සර්ව ජනබල පක්ෂ කාර්යාලයේ පැවති රැස්වීමක දී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා මෙසේ ද පැවසුවේය.

“පොහොට්ටුව හා රනිල් එකතු වනවිට මේ රටේ මහා දේශපාලන විකෘතියක් සිදුවෙන බව මම කල්තියා දැක්කා. බැසිල් රාජපක්ෂ විසින් පොහොට්ටුව රනිල්ට පූට්ටු කිරීම ආත්මාර්ථකාමී දේශපාලන ගනුදෙනුවක්. මේ නිසා ඔයාලා අමාරුවේ වැටෙන්න ඉඩ තිබෙන බව මම දිලුම් අමුණුගමට, කංචන විජේසේකරට, රමේෂ් පතිරණට කිව්වා. අවුරුදු 30ක් දේශපාලනයේ හිටපු අයට වඩා මම ශ්‍රී ලාංකේය දේශපාලනය හොඳට කියවා එහි සියුම් තැන් වටහාගත් කෙනෙක්. බැසිල් – රනිල් එකතුව තුළ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතිනවා කියන එක මම එදා දැක්කා.

මේ රට ආර්ථික අතින් මෙතරම් අඩියටකට ඇද දැමීම සම්බන්ධයෙන් පී.බී ජයසුන්දර වගකිය යුතුයි. ඔහුගෙන් පරිස්සම් විය යුතු බව 2006 දී මම කිව්වා. ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය පොත මගේ අතින් මුදල් ගෙවලා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මඟින් ජනගත කළා. අපේ ආර්ථිකය විනාශ කරන දවස නුදුරු අනාගතයේ දී එන බව මම 2008 දී කිව්වා. මම මහින්ද මහත්තයාට පී.බී. ජයසුන්දර ගැන කිව්වා. මිනිහා එළවන්න මහින්ද මහත්තයා කැමැති වුණා. නැවත රජයේ කිසිදු තනතුරක් ඔහුට දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් පවා ලබා දුන්නා. හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා විශ්‍රාම ගියාට පස්සේ බැසිල් එයාට ඕන විදිහට මේ තීරණය ආපසු හරවලා මේ ආර්ථික ඝාතකයාව නැවත ගෙනල්ලා පුටුවේ වාඩි කළා.

වාසුදේව ගොනුකළ නඩුවට පී.බී. පැරදුණා. ඔහුට ගෙදර යන්න සිදු වුණා. ඔහුට නැවත රජයේ කිසිදු රජයේ රැකියාවක් දැරිය නොහැකි බවට තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නා. බැසිල් විශාල බලපෑමක් කරලා අගවිනිසුරු සරත් එන්. ද සිල්වා විශ්‍රාම ගියාම තීරණය ආපසු හැරෙව්වා. මේ ආර්ථික ඝාතකයා නැවත පුටුවේ වාඩි කළා. මහින්ද රාජපක්ෂ අසරණ වුණා. ගෝඨාභය රාජපක්ෂ මොනතරම් දුර්වල කළා ද කියනවා නම් එතුමා බලයට පත්වෙලා පැය 24ක් යන්න කලින් බැසිල් මැදිහත් වෙලා පී.බී. ව ජනාධිපති ලේකම් කළා. මහබැංකුව, මුදල් අමාත්‍යාංශය හැසිරෙව්වේ පී.බී. ජයසුන්දර එයාට ඕන විදිහටයි. එවකට ඛනිජ තෙල් ඇමැති ලෙස හිටපු උදය ගම්මන්පිල තෙල් මිල රුපියල් 10කින් වැඩි කළාම බැසිල් කියන මොළහතා ලංකාවට ආවේ මුදල් ඇමැතිකමත් තමන්ගේ අතට අරගෙනයි. මේවා කුමන්ත්‍රණ නෙවෙයි ද? සතියක් පාසා නාමල්ට ඇමැතිකම් දීලා ඒ මදිවට සියලු ඇමැතිකම් අධීක්ෂණය කරන්න එයාට තවත් ඇමැතිකමක් දුන්න එක කුමන්ත්‍රණ නෙවෙයි ද? අපි ජනතාව ඉදිරියට ගිහින් කිව්වේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රාජපක්ෂ පරපුර ප්‍රවර්ධනය කරන්න එන කෙනෙක් නෙවෙයි කියලයි. අස්ගිරි අනුනායක හාමුදුරුවෝ හිට්ලර් වගේ පාලකයෙක් වෙන්න කියපු ගෝඨාභය අන්තිමට පූස් පැටියෙක් බවට පත් කළා. මේවා තමයි ක්‍රමන්ත්‍රණ.

විසිවැනි සංශෝධනය කියන්නේ බැසිල් පාර්ලිමේන්තුවට ගේන්න කළ කුමන්ත්‍රණයක්. පොහොට්ටු පක්ෂයේ හැම මාධ්‍ය රැස්වීමකම පසුපසින් ඇති ස්ක්‍රීන් එකේ බැසිල් රාජපක්ෂගේ ඡායාරූපයක් කැරකෙනවා. රටේ ඉතුරු ටිකත් කරකවලා තමයි එයා යන්නේ. නාමල් දැන් ඔය ආරම්භ කරලා තියෙන්නේ මේ රට තවදුරටත් වළේ දාන්න යන ගමනක් මිස වෙනත් දෙයක් නෙවෙයි.”

අසේල කුරුළුවංශ,

කටුගස්තොට සමූහ – එස්. ජී. විජේරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here