16
රට බංකොලොත්භාවයෙන් ගොඩ ගැනීම සඳහා සමගි ජන බලවේගය සතු දසවැදෑරුම් මතවාදය එම පක්ෂ සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් කොළඹදී පැවැති වැඩමුළුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (13) ඉදිරිපත් කළේය.
පහළින් ඉහළට සහ ඉහළින් පහළට ගලාගෙන යන කරුණු, තොරතුරු හා දත්ත කේන්ද්‍රීයව මෙම ප්‍රතිපත්ති නිර්මාණය කළ බවත් මේ මූලික ප්‍රතිපත්ති කාලානුරූපව යුගයට ඔබින ආකාරයට සකස් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.
මෙම ප්‍රධාන මූලධර්ම තුළ යම් යම් සංශෝධන කළ හැකි බවත් මෙහි නම්‍යශීලිත්වයක් ඇති බවත් හෙතෙම පැවසුවේය.
රටක දියුණුවට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදය බව, පුළුල් මානුෂීය ධනවාදී ක්‍රමය තුළ සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් හරහා අසමතුලිතතා නිවැරදි කිරීම, සුබසාධන රාජ්‍ය රැක ගනිමින් විකල්ප අවස්ථා සඳහා යොමුවීම, ප්‍රතිඵල කේන්ද්‍රීයව කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමු වීම, රටේ පළාත් 9ම සමබර ආර්ථික වර්ධනයක් ඇති කිරීම, නව තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කෘෂිකර්මාන්තයක් බිහි කිරීම, වෙනස්කමකින් තොරව සෑම සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස සවිබල ගැන්වීම, ප්රජාතන්ත්රවාදී සවිබල ගැන්වීම, තිරසර සංවර්ධනය, රටට අගයක් එකතු කරන විදේශ සම්බන්ධතා ඇති කර ගැනීම එම දසවැදෑරුම් මතවාද බව ද හෙතෙම අවධාරණය කළේය.
විදේශීය සම්බන්ධතා තුළ සමබර ආකාරයට කටයුතු කළ යුතු බවත් නොබැඳි පිළිවෙත යන ඍනාත්මක වචනයක් භාවිත නොවන ධනාත්මක සම්බන්ධතාවක් කරා යා යුතු බවත් රටට වටිනාකම් එකතු කරන අගයක් එකතු කරන සම්බන්ධතාවලට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
රක්ෂණ ශ්‍රියන්ත