5
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම, පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම අරමුණු කර ගනිමින් නව ජාතික ක්‍රීඩා සභාව පත් කිරීම ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදු කළේය.
ජාතික ක්‍රීඩා සභාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත ඒකනායක පත් කරන ලදී. ඔහු රග්බි සහ පැසිපන්දු ක්‍රීඩකයෙක් වන අතර, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයා ලෙසත්, ශ්‍රී ලංකා සහ ආසියානු රග්බි සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරියක් වූ සමන්තා නානායක්කාර, ජාත්‍යන්තර බොක්සිං සංගමයේ උපදේශකයකු සහ ක්‍රීඩා විනිසුරුවරයෙක් වන රුක්මන් වෑකඩපොළ, හිටපු ටෙස්ට් සහ එක්දින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනි, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ චානක ජයමහ, හිටපු ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෙක් සහ ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපති රොහාන් අබේකෝන්, හිටපු බැඩ්මින්ටන් ක්‍රීඩක නිරෝෂන් විජේකෝන්, ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් ලේකම් හා ගොල්ෆ් තේරීම් කමිටු හිටපු සාමාජික මුරාද් ඉස්මයිල්, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා අයිසීසී තරග තීරක රොෂාන් මහනාම, මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සම්බන්ධ අධ්‍යයන කටයුතුවල ප්‍රවීණ සී. රත්නමුදලි, ඔලිම්පික් ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ, ඩිල්මා පුද්ගලික සමාගමේ සම සභාපති මලික් ජේ. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායක ශානිත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ක්‍රීඩා සභාවට නම් කොට ඇත.