Home World News Room : භූකම්පා දෙකකින් උතුරු ඉන්දියාව සෙලවෙයි

News Room : භූකම්පා දෙකකින් උතුරු ඉන්දියාව සෙලවෙයි

0
0

ඉන්දියාවේ නවදිල්ලි නුවර සහ බිහාර් ප්‍රාන්තයේ භූකම්පා දෙකකින් උතුරු ඉන්දීය ජනතාව දැඩි නොසන්සුන්තාවට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ අලුයම 5.36ට පමණ නවදිල්ලි නුවර භූකම්පාව සිදුවී පැය තුනකට පසු පෙරවරු 8.02ට පමණ ඊට කිලෝමීටර් 1107ක් දුරින් පිහිටි බිහාර් ප්‍රාන්තයේද භූකම්පාවක් සිදුවූ බවත්, මේ භූ කම්පන ද්විත්වයම රිච්ටර් මාපකයේ 4.0ක අගයක් සටහන් කළ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම භූකම්පාවලින් පසු පළාත් රැසක පසුකම්පන රැසක් වාර්තා වී ඇති අතර, තවදුරටත් පසු කම්පන සිදුවීමේ අවදානමක් ඇති බැවින් සැලකිලිමත්ව සිටින ලෙසත් එරට භූකම්පන විද්‍යා මධ්‍යස්ථානය ජනතාවට අනතුරු අඟවා තිබූ බව ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. භූකම්පාවලින් ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා නොවූ බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here