Home World News Room : ගාසා සටන් විරා­මය මැද ඊශ්‍රා­යල ව්‍යාපා­රි­කයෝ ඉන්දි­යා­වට

News Room : ගාසා සටන් විරා­මය මැද ඊශ්‍රා­යල ව්‍යාපා­රි­කයෝ ඉන්දි­යා­වට

0
0

හමාස් සංවි­ධා­නය සමඟ ඇති­ක­ර­ගත් සටන් විරාම ගිවි­සුම ක්‍රියා­ත්මක වෙමින් තිබි­යදී ඊශ්‍රා­ය­ලයේ ආර්ථික ඇමැති නිර් බර්කට් ඇතුළු එරට ඉහ­ළම මට්ටමේ ව්‍යාපා­රි­ක­යන් සිය­ය­කට අධික පිරි­සක් ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රා­ය­ලයේ ඉහ­ළම මට්ටමේ විශා­ල­තම දූත පිරි­සක් ලොව ඕනෑම රටක සංචා­රය කළ පළමු අව­ස්ථාව ද මෙය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ඉන්දි­යාව සහ ඊශ්‍රා­ය­ලය අතර ආර්ථික හා උපා­ය­මා­ර්ගික සබ­ඳතා ශක්ති­මත් කිරීම සහ ව්‍යාප්ත කිරීම අර­මුණු කර­මින් එම දෙදින සංචා­රය සිදුවූ බවත්, නව­දිල්ලි නුව­රදී ඉන්දි­යාවේ වාණිජ සහ කර්මාන්ත ඇමැති පියුෂ් ගොයාල් ඇතුළු නියෝ­ජිත පිරි­සක් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. සෞඛ්‍ය, බල­ශක්ති, සයි­බර් ආර­ක්ෂණ, අභ්‍ය­න්තර ආර­ක්ෂක, කෘෂි­කා­ර්මික, ජල හා ආහාර තාක්ෂ­ණය ඇතුළු තවත් ක්ෂේත්‍ර ගණ­නා­වක ව්‍යාපා­රි­ක­යන් එම දූත පිරි­සට ඇතු­ළත්වූ බව වාර්තා වේ.

 

The post ගාසා සටන් විරා­මය මැද ඊශ්‍රා­යල ව්‍යාපා­රි­කයෝ ඉන්දි­යා­වට appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here