18
ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවරට ආසන්න ප්‍රදේශයකදී බස් රථ 3ක් පුපුරා ගොස් තිබේ
එරට පොලීසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට සැක කරන බවයි.
තවත් බස් රථ දෙකකද පුපුරන ද්‍රව්‍ය සවිකර තිබු අතර ඒවා පුපුරා ගොස් නොමැති බවෙ විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලිසිය සඳහන් කළේය. සැකකරුවන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකය.
පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා රටේ සියලුම බස් රථ, දුම්රිය සහ සැහැල්ලු දුම්රිය නවතා දැමීමටයි පියවර ගෙන ඇත.
ප්‍රාදේශීය මාධ්‍ය පවසන්නේ කිලෝග්‍රෑම් 5 ක් බරැති පුපුරා නොගිය පුපුරන ද්‍රව්‍ය වලින් එකක “තුල්කරෙම්ගෙන් පළිගැනීම” යනුවෙන් පණිවිඩයක් සටහන් කර තිබූ බවයි.
බටහිර ඉවුරේ මෑත කාලීන ඊශ්‍රායල හමුදා ත්‍රස්ත විරෝධී මෙහෙයුමක් ගැන එයින් සඳහන් වන බව විදෙස් මාධ්‍ය පවසයි.
බටහිර ඉවුරේ සරණාගත කඳවුරු ආශ්‍රිත හමුදා ක්‍රියාකාරකම්වල “තීව්‍රතාව වැඩි කරන” ලෙස හමුදාවට උපදෙස් ලබාදී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යවරයා සදහන් කර ඇත.