Home World News Room : ට්‍රම්ප්ගේ ගාසා සැලසුමට එරෙහිව අරාබි රාජ්‍ය නායකයෝ රියාද් නුවරදී...

News Room : ට්‍රම්ප්ගේ ගාසා සැලසුමට එරෙහිව අරාබි රාජ්‍ය නායකයෝ රියාද් නුවරදී රැස්වෙති

0
0

ගාසා තීරයේ අනාගතය පිළිබඳ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරනු ලැබූ ප්‍රකාශයට විරෝධතාව පළ කිරිම සඳහා අරාබි රටවල් 7ක රාජ්‍ය නායකයන් සෞදි අරාබියේ රියාද් නුවරදී රැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා එම රැස්වීම පවත්වා ඇත්තේ පලස්තීනුවන් ජනතාව අසල්වාසී රටවල පදිංචි කරවා ගාසා තීරය අත්පත් කරගැනීමේ අමෙරිකානු සැලසුම ප්‍රතික්ෂේප කිරීමට බවත්, ගාසා තීරයේ පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් අරාබි රාජ්‍ය නායකයන් සහාය පළ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් විසින් කැඳවනු ලැබූ එම සාකච්ඡාවට ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු, ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල් ෆටා එල් සිසී, කටාර් එමීර් ශේක් ටමිම් බින් හමාඩ් අල් තානි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශේක් මොහොමඩ් බින් සයිඩ් අල් නහ්යාන්, කුවේට් එමීර් ශේක් මෙෂාල් අල් අහ්මඩ් අල් සබා සහ බහරේන් රාජ්‍යයේ ඔටුන්න හිමි සල්මාන් බින් හමාඩ් අල් කලීෆා සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සාකච්ඡාවේ ප්‍රතිඵල ලබන මාර්තු මස 4 වැනිදා ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වීමට නියමිත අරාබි ලීග් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here