Home World News Room : පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට

News Room : පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට

0
0

බ්‍රොන්කයිටීස් රෝගී තත්ත්වය මත මීට සති දෙකකට පෙර රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින බව වතිකාන් නිවුස් පුවත් සේවය වාර්තා කළේය. 88 හැවිරිදි පාප් වහන්සේ රෝහල්ගත කිරීමෙන් පසු නිව්මෝනියා රෝගයට ගොදුරුවී ඇති බව තහවුරු වූ අතර, මේ වනවිට ඇදුම රෝගයෙන් ද පීඩා විඳින බව වතිකාන් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. වතිකානුවේ මාධ්‍ය කාර්යාලය පෙරේදා පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවත්, ඇදුම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔක්සිජන් ලබාදීමට සිදුවී ඇති බවත් ප්‍රකාශ කර තිබේ.

ඊයේ උදෑසන සිදුකළ තවත් පරීක්ෂණයකින් පසු පාප් වහන්සේට රුධිරය ලබාදීමට ද වෛද්‍යවරු පියවර ගෙන ඇතැයි වතිකාන් නිවුස් පුවත් සේවය සඳහන් කළේය. දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියද පාප් වහන්සේ අවදියෙන් සිටින බවත්, රෝගී තත්ත්වය සම්බන්ධව වෛද්‍යවරුන් දැඩි අධීක්ෂණයකින් යුතුව පසුවන බවත් වතිකානු මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here