Home World News Room : ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම අත්හිටුවයි

News Room : ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම අත්හිටුවයි

0
0

සටන් විරාම ගිවිසුමට අනුව හමාස් සංවිධානය පසුගියදා ප්‍රාණඇපකරුවන් 6දෙනකු මුදා හැරීමෙන් පසුව පලස්තීන යුද සිරකරුවන් නිදහස් කිරීමට ඊශ්‍රායලය බැඳී සිටියද එම තීරණය අත්හිටවූ බව ඊශ්‍රායල අගමැති කාර්යලය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය සෙනසුරාදා නිදහස් කිරීමට නියමිතව සිටි පලස්තීන සිරකරුවන් 620 දෙනා ඊළඟ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම දක්වා කල් දැමූ බව එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ගිවිසුමට අනුව ප්‍රාණඇපකරුවන්ගේ 7 වැනි කණ්ඩායම මුදා හැරීමට කටයුතු කළ බවටත්, ඊට ප්‍රතිචාර වශයෙන් පලස්තීනුවන් නිදහස් කිරීම අත්හිටුවීමට ඊශ්‍රායල රජය පියවර ගැනීම සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවටත් හමාස් සංවිධානය චෝදනා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම අත්හිටුවනු ලැබුවේ ප්‍රාණඇපකරුවන් මුදා හැරීමේදී ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානිවන පරිදි මහජනතාව එක්රැස් කරමින් එම කටයුතු සිදු කිරීමට විරෝධය දැක්වීමක් වශයෙන් බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. දෙපාර්ශ්වය අතර සටන් විරාම ගිවිසුමේ පළමු අදියර යටතේ තවත් එක් ප්‍රාණඇපකරුවන් කණ්ඩායමක් මුදා හැරීමට නියමිතව ඇති අතර, පලස්තීන යුද සිරකරුවන් නිදහස් කිරීම ඉන් අනතුරුව සිදු කිරීම ඊශ්‍රායලයේ සැලසුම වී ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here