Home Politics News Room : පොරොන්දු ඉටු නොකළ රජයට ඉදිරි ඡන්දයේදී පාඩමක් ඉගැන්විය යුතුයි

News Room : පොරොන්දු ඉටු නොකළ රජයට ඉදිරි ඡන්දයේදී පාඩමක් ඉගැන්විය යුතුයි

0
0

පොරොන්දු ඉටු නොකළ රජයට පළාත් පාලන මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ පෙරේදා (23) රුවන්වැල්ල ආසන සංවිධායක නිහාල් ෆාරුක් මහතා විසින් සංවිධාන කර තිබූ ජන හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසීය.

“ජන ජීවිත ආරක්ෂා කර මිනිස් සම්පත සුරක්ෂා කිරීමට වත්මන් රජය අපොහොසත් වෙලා. වත්මන් ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව වෙනුවට රටම අනාරක්ෂිතභාවයට පත් කරන්න කටයුතු කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යය විනාශ වී අධිකරණය තුළ පවා මිනී මරණ තත්ත්වයට අද රට පත්වෙලා.

රටේ මෙන්ම ජනතාවගේ ආරක්ෂාව ඇති කරන්න රජයට හැකියාවක් නෑ. අද මිනීමැරුම් සුලබ වෙලා. රටක් පාලනය කරන්න බැරි රජයකට පළාත් පාලන ආයතන පාලනය කිරීමටත් හැකියාවක් නෑ. මොවුන්ගෙන් ජනතාවට නිසි සේවාවක් ඉටු වන්නේ නෑ. කියපු දේ නොකරපු මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි පණිවිඩයක් දිය යුතුයි.

ජනතාව අන්දවා බලයට පැමිණි මේ අය අද එදා කියපු දේවල් ඉටු නොකරන තත්ත්වයට පත් වෙලා. රැකියා විරහිත උපාධිධාරීන් අනාථ වෙලා. රාජ්‍ය සේවකයන්ට මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා කියූ වත්මන් ආණ්ඩුව අද සියලු දෙනා අනාථ කරලා. කුඩා දරුවාගේ සිට සමස්ත ජනතාවම අන්ත අසරණභාවයට පත් කළ මේ ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණයෙ දී පණිවිඩයක් දිය යුතුයි.”

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here