13
රුසියාව සහ යුක්රේනය තවත් සති කිහිපයක් ඇතුළත තාවකාලික සටන් විරාමයක් සඳහා එකඟතාව පළ කරනු ඇතැයි ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට අමෙරිකාවේ සංචාරයක නිරතව සිටින ප්‍රංශ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති සාකච්ඡාවකින් පසු වොෂින්ටන් නුවරදී මාධ්‍යවේදීන්ට එම ප්‍රකාශය සිදු කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
මැක්‍රොන්ගේ මූලිකත්වයෙන් පසුගියදා පැරිස් නුවරට රැස්වූ යුරෝපා රටවල රාජ්‍ය නායකයන් යුක්රේන යුද අර්බුදයට විසඳුම් ලබාදීමේ යෝජනාවලියකට එකඟතාව පළ කළ බවත්, ඒ පිළිබඳ අමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ අරමුණින් ප්‍රංශ ජනාධිපති අමෙරිකාවට ගිය බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යුක්රේන යුද්ධය පිළිබඳ ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ද ඉදිරියේදී අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.