12
පැනමා ඇළේ වෙළෙඳ කටයුතුවලට චීනයේ මැදිහත් වීම සොයා බැලීම සඳහා අමෙරිකාවේ දක්ෂිණ දිසාව භාර අණදෙන නිලධාරී අද්මිරාල් ඇල්වින් හොල්සේ පැනමා රාජ්‍යයේ සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංචාරයේදී ඔහු එරට ආරක්ෂක ඇමැති ෆ්රෑන්ක් අබ්රිගෝ සහ විදේශ කටයුතු ඇමැති ජේවියර් මාටිනස් සමඟ දෙරට අතර ආරක්ෂක සම්බන්ධතාව පිළිබඳ සාකච්ඡා පවත්වා ඇතැයි ද, එම කලාපයේ මතුවී ඇති නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අර්බුදය සහ පැනමා ඇළේ වෙළෙඳ කටයුතුවලට චීනයේ දායකත්වය සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පැනමා ඇළේ වෙළෙඳ කටයුතුවලට චීනය සම්බන්ධ බවට චෝදනා කරමින් එහි හිමිකාරීත්වය ආපසු ලබාගත යුතු යැයි අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ දෙරට අතර පැනමා ඇළ පිළිබඳ අර්බුදයක් මතු වූ අතර, අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද මේ මස මුල් භාගයේදී පැනමාවේ සංචාරයක නිරත වූ අතර, එරට ජනාධිපති ජොසේ රාවුල් මුලිනෝට චීන මැදිහත්වීම සම්බන්ධව අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබිණි.