Home World News Room : චීනය ලෝක ආර්ථික සංවර්ධනයට වැඩි ස්ථාවරත්වයක් එකතු කර තිබෙනවා...

News Room : චීනය ලෝක ආර්ථික සංවර්ධනයට වැඩි ස්ථාවරත්වයක් එකතු කර තිබෙනවා – චීන විදේශ අමාත්‍යංශය

0
0

චීනය ලෝක ආර්ථික සංවර්ධනයට වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් එකතු කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු එසේ ප්‍රකාශ කළේ ඊයේ (27) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. ගෝලීය ආර්ථිකයේ ස්ථායීකාරක සහ නායකයෙකු ලෙස ක්‍රියා කිරීමට ලොව ඇතැම් රටවලට අවශ්‍ය නමුත් චීනය ඒ සඳහා වැඩි කැමැත්තක් දක්වා නොමැති බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළ බව වාර්තාකරුවෙකු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය කුමක් දැයි ඔහු විමසීය.

චීනය සැමවිටම ලෝක ආර්ථිකයේ ස්ථායීකාරකයක් බව ලින් ජියන් මහතා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. ලොව දෙවන විශාලතම ආර්ථිකය ලෙස, චීනය වාර්ෂිකව සාමාන්‍යයෙන් ගෝලීය වර්ධනයට 30%ක පමණ දායකත්වයක් සපයන අතර රටවල් සහ කලාප 150 කට වැඩි සංඛ්‍යාවක ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකි.

චීනය අනුගමනය කරනුයේ, සහයෝගීතාවයෙන්, සමාන සහභාගීත්වයකින් සමන්විත, පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණයක් මිස, තම රටට ප්‍රමුඛත්වය දීම හෝ එක් රටක් ආධිපත්‍යය දැරීමේ මූලධර්මයක් නොවේ. මෑත වසරවලදී, නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කරන චීනය සිය උසස් තත්ත්වයේ සංවර්ධනයෙන් ගෝලීය ආර්ථික පරිවර්තනය සඳහා ගම්‍යතාවක් එකතු කිරීමට උත්සාහ කරමින් සිටියි.

චීනය සංවර්ධනය ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානය ලෙස සලකමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ සංකල්පය තහවුරු කරමින්, ලෝක ආර්ථික සංවර්ධනයට වැඩි ස්ථාවරත්වයක් සහ නිශ්චිතභාවයක් ලබා දෙනු ඇතැයි ද ලින් ජියන් මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here