සති දෙකක කාලයක් නියුමෝනියාවෙන් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සිකුරාදා හුස්ම ගැනීමේ අපහසුවකින් පසුවී ඇති අතර ඉන් අනතුරුව මේවන විට ස්ථාවර තත්ත්වයක පසුවන බව වතිකාන තොරතුරු උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
පාප් වහන්සේ සිකුරාදා රාත්‍රියේ රෝහලේදී වමනය කිරීම සහ ඔහුගේ ශ්වසන තත්ත්වය හදිසියේ නරක අතට හැරීම හේතුවෙන් කෘතිමව ඔක්සිජන් ලබා දීමට පියවර ගෙන ඇත.
සෙනසුරාදා සවස වතිකානය පැවසුවේ පාප් වහන්සේ තවදුරටත් හුස්ම ගැනීමේ අපහසුතාවන්ට මුහුණ දී නොමැති බවත් ඔක්සිජන් ප්‍රතිකාරයට හොඳින් ප්‍රතිචාර දැක්වූ බවත්ය.
එසේම “නිස්කලංක රාත්‍රියකින් පසු, පාප් වහන්සේ විවේක ගනිමින් සිටිති”, යනුවෙන් ද වතිකාන ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත. ඊයේ උදෑසන උන්වහන්සේ ආහාරය ගත් බවත් කෝපි පානය කළ බවත් කියැවේ.
කෙසේ වෙතත් පාප් වහන්සේට ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ උන්වහන්සේගේ වර්තමාන තත්ත්වය තීරණය කිරීමට තවත් පැය 24ක් හෝ පැය 48ක කාලයක් අවශ්‍ය වන බවයි.
88 හැවිරිදි පාප් වහන්සේ පසුගිය 14 වනදා රෝමයේ ගැමේලි රෝහලට ඇතුළත් කළේ පෙනහළු වල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙනි.
The post පාප් වහන්‌සේට යළිත් අමාරු වෙලා appeared first on දිනමිණ.