ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවෙන් නැවත ආපසු ගන්නේ දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් විමසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘පිස්සු’ යනුවෙන් පමණි.
අගමැතිවරයා මහනුවර සංචාරයක යෙදී සිටියදී ගැටඹේ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදු විය.
Play
නමුත් ‘සෞභාග්‍යයේ දැක්ම’ අනුව ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානය කරා යන ගමනේදී තෙල් ගබඩා කිරීමේ ධාරිතාව ඉතා වැදගත් වන බවත් එහිදී ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය යළි මෙරටට හිමිවීමද ඉතා වැදගත් වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා සඳහන් කළේය.





