16
අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ සිට ඉන්ඩියානාපොලිස් බලා පියාසර කරමින් තිබූ ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් උඩු ගුවනේදී හදිසියේම ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් ගුවන්ගතවී මිනිත්තු 9කට පසු නැවත ගොඩ බැස්සවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ගුවන් යානය ඉහළ අහසට පියාසර කිරීමත් සමඟ එක් එන්ජිමක කුරුල්ලකු ගැටීම ගිනි ගැනීමට හේතුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ගින්න හටගැනීමත් සමඟ නියමුවා වහාම ක්‍රියාත්මක වී ගුවන් යානය ගොඩ බැස්විමට සමත්වීමෙන් ජීවිත හානි වළක්වා ගැනීමට හැකිවී ඇතැයි ද, ගුවන් යානය වැඩි අනතුරකට ලක් නොවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ වනවිට ගුවන් යානයේ තිදෙනකු ගමන් කරමින් සිටි බව ද වාර්තා වේ.