Home World News Room : සුරක්ෂිත චීනයක් ගොඩනැගීම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්

News Room : සුරක්ෂිත චීනයක් ගොඩනැගීම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්

0
0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ‘උසස් මට්ටමක සුරක්ෂිත චීනය ගොඩනැගීම’ පිළිබඳ 19 වන සාමූහික අධ්‍යයනය පසුගියදා පැවැත්විණ.

නිරිතදිග චීනයේ දේශපාලන විද්‍යා හා නීතිය විශ්වවිද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය Li Yan මහත්මිය මේ සම්බන්ධයෙන් එහිදී කරුණු පැහැදිලි කර සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළා ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෝ ඒ පිළිබඳ සාකච්ඡා කළහ.

අනතුරුව ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේ සිට, පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් රටේ ආරක්ෂක නායකත්වයේ පද්ධතිය හා නිත්‍ය පරිපාලන පද්ධතිය, උපායමාර්ගික පද්ධතිය, ප්‍රතිපත්ති පද්ධතිය මෙන්ම සමාජීය පරිපාලන පද්ධතිය අඛණ්ඩව සම්පූර්ණ කරමින් සිටින බව ඔහු පවසා ඇත. සමාජ ආරක්ෂණයේ සමස්ත පාලනය ශක්තිමත් කරමින් මහජන ආරක්ෂක පාලන මට්ටම ඉහළ නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත. ජාතික ස්වාධිපත්‍යය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ස්ථිර ලෙස ආරක්ෂා කරමින් චීනයේ වේගවත් ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන සමාජ ස්ථාවරත්වය පිළිබඳ “ආශ්චර්ය දෙකක්” බිහි කිරීමට සමත් වී තිබේ.

සමස්ත රටේ ආරක්ෂක චින්තනය, වඩා උසස් මට්ටමක සුරක්ෂිත චීනය ගොඩනැගීමේ වැදගත් මාර්ගෝපදේශයක් වන අතර එය ස්ථිර ලෙස අනුගමනය කළ යුතු යැයි ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. සුරක්ෂිත චීනය ගොඩනැගීම ජනතාව වෙනුවෙන් වන අතර එය ජනතාව මත රඳා පවතින බවද හෙතෙම අවධාරණය කළේය. විවිධ වර්ගයේ අවදානම් වැළැක්වීම හා අවම කිරීම සුරක්ෂිත චීනය ගොඩනැගීමේ වැදගත් කාර්යභාරයකි. වඩා උසස් මට්ටමක සුරක්ෂිත චීනයක් ගොඩනැගීම සඳහා සමස්ත සමාජීය ආරක්ෂාක පරිපාලනය ශක්තිමත් කළ යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සුරක්ෂිත චීනය ගොඩනැගීමේ මූලික සහතිකයක් බව ද ෂී ජින්පිං මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here