Home Politics News Room : කර්මාන්තපුර ඉදිකිරීමට පෞද්ගලික අංශයටත් අවස්ථාව තිබෙනවා

News Room : කර්මාන්තපුර ඉදිකිරීමට පෞද්ගලික අංශයටත් අවස්ථාව තිබෙනවා

0
0

කර්මාන්තපුර ඉදි කිරීමට පෞද්ගලික අංශයටද අවස්ථාව ඇති බවත්, ඒ අනුව රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වය (public private partnership) යටතේ රජය ලබාදෙන භූමියක පෞද්ගලික අංශයට කර්මාන්තපුර ආරම්භ කිරීමට හැකියාව ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

මෙම වසර තුළ කර්මාන්තපුර 10ක යටිතල පහසුකම් වර්ධනය කිරීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා මහත්මිය ඊයේ (03) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනඟන්න තිබෙන ප්‍රධාන බාධාවක් තමයි කර්මාන්තකරණයට අවශ්‍ය ඉඩකඩම් නොමැති වීම. කර්මාන්ත අමාත්‍යාංශය යටතේත් කර්මාන්තපුර තිබෙනවා. අයි.ඩී.බී. එක යටතේත් කර්මාන්තපුර තිබෙනවා. බී.ඕ.අයි. එක යටතේත් කර්මාන්තපුර තියෙනවා. පළාත් සභා යටතේත් කර්මාන්තපුර තිබෙනවා. අපේ රටේ කර්මාන්තපුර යම්කිසි විහිළුවක් බවට තමයි පත්වෙලා තියෙන්නේ. කාරණා දෙකක් තියෙනවා. බී.ඕ.අයි. එකේ කර්මාන්තපුර විධිමත්ව යනවා. මොකද අපනයන ප්‍රමුඛ කර්මාන්ත සහ ඒවගේ යටිතල පහසුකම් ඉතාමත් ඉහළ ආකාරයෙන් සපයලා තියෙනවා.

නමුත් අනිත් කර්මාන්ත ගත්තම මේ දේ සිදුවෙලා නෑ. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකාව පුරා කර්මාන්ත 527ක් තියෙනවා. කර්මාන්තපුර තුළ ක්‍රියාත්මක වූ එහෙත් වැසී ගිය කර්මාන්ත සංඛ්‍යාව 40ක්.

මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින කර්මාන්තපුර 33 අතරින් කර්මාන්තපුර 14ක් උපරිම ධාරිතාවයෙන් යුක්තව ක්‍රියාත්මක වෙනවා. ඉංගිරිය, රයිගම, මිල්ලනිය අදියර 2, පරන්තන්, වාලච්චේන, පුලියක්කුලම්, ආරච්චිකට්ටුව, තිහගොඩ, මාවතගම, ඇලයාපත්තුව සහ බිංගිරිය යන ප්‍රදේශ ආවරණය වන අක්කර 570ක් ජාතික වශයෙන් කර්මාන්තකරණය සඳහා කර්මාන්තපුර 10ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මේ වසරේ අපි කටයුතු ආරම්භ කරනවා. ප්‍රාග්ධනය යොදා ගන්න මේ අය-වැයෙන් බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මේ කර්මාන්තපුර නිර්මාණය කිරීමට පෞද්ගලික අංශය එහෙම නැතිනම් පෞද්ගලික කර්මාන්තපුර විදියටත් අපිට ආරම්භ කිරීමට අවස්ථාවක් තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here