15
ආණ්ඩුව සද්භාවයෙන්, අවංකව රාජ්‍ය පාලනය පවත්වාගෙන යාමට උත්සාහ කරන්නේනම් ජාතික ප්‍රතිපත්ති කොමිසමක් පත්කරන ලෙස පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05)ඉල්ලීය.
එලෙස ජාතික ප්‍රතිපත්ති කොමිෂමක් පත්කරන්නේ නම් සියලු අංශ නියෝජනය වන පරිදි අවශ්‍ය පිරිස් පත්කළ හැකි බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට ඊයේ (04) එක් වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (පොජපෙ)
කරන්න බැරි අසීමිත පොරොන්දු දී අසීරුවට පත්ව සිටින ආණ්ඩුව දැන් කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලා අපහසුතාවට පත්වෙලා. ආණ්ඩුවේ 159 දෙනාම අපහසුවට පත්ව සිටිනවා. ඒ සියලු පොරොන්දු මූල්‍ය අරමුදල මත පටවලා ගැලවෙන්න හදනවා. එදා කිව්වෙ මූල්‍ය අරමුදල කියන විදියට නටන්නෙ නැහැ කියලා. නමුත් එහෙම කිව්වාට දැන් කරන්නෙම අරමුදල කියන දේ.