19
රාජ්‍ය සේවකයන්ගේ අප්‍රේල් මාසයේ වැටුප ලැබීමෙන් පසුව විපක්ෂය කරන චෝදනා සියල්ල, අසත්‍ය බව සනාථවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය.
පවතින ආර්ථික තත්ත්වය යටතේ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් මීට වඩා වැටුප් වැඩිවීමක් සිදුකළ යුතු බව තමන්ද පිළිගන්නා බවත් බංකොලොත් වූ රාජ්‍යයක් භාරගත් වත්මන් ආණ්ඩුව රජයේ සේවකයන් වෙනුවෙන් මේ මොහොතේ සිදුකළ හැකි වැටුප් වැඩිකිරීම සිදුකළ බවද ඇමැතිවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.
වැටුප් වැඩිකිරීම, වැටුප් වැඩිවීම ගැන විපක්ෂය දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ කරමින් සිටිනවා. මෙම වැටුප් වැඩිවීම ගැන එක්කො විපක්ෂය දන්නේ නැහැ. එහෙම නැත්නම් වැටුප හදන විදිහ ගැන අවබෝධයක් නැහැ. මේක පහේ පන්තියේ දරුවන්ටත් තේරෙනවා. ඒ නිසා ඒ වගේ දරුවකුගෙන් අහගන්න. එහෙම නැත්නම් කමිටු කාමරයක්වත් සූදානම් කර දෙන්න. මමවත් ඒ අයට මේක ගැන පැහැදිලි කරදෙන්නම්. මොකද තවදුරටත් මේ බොරුව සමාජගත කරන්න එපා. මේ රටේ වැඩකරන ජනතාව ඇත්ත තේරුම් අරන් ඉන්නේ. 2016 වැටුප් වැඩිකරාලු දෙගුණයකින්. 2016 දී අවම වැටුම 11730යි. එල්ලලා තිබුණා 12500ක්. ඒක අදියර ගණනාවකින් 2020 වෙනකොට අදියර පහකින් මූලික වැටුපට එකතු කළා. ඕක තමයි එදා වුණේ. එදත් අපි වෘත්තීය සමිති ලෙස සටන් කළා.