17
ඉන්දියාවේ ලොකුම ධනවතා සහ ලොව 9 වැනි ධනවතා ලෙස ෆෝබ්ස් ලැයිස්තුවේ පසුවන මුකේෂ් අම්බානිගේ දෙවැනි පුත්රයා වන අනන්ට් අම්බානි මෑතකදී මිලදී ගත් ඉන්දීය රුපියල් කෝටි 30ක් වටිනා අත් ඔරලෝසුව පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව ඉන්ඩියන් එක්ස්ප්රස් පුවත් සේවය වාර්තා කළේය.
ලෝක ප්රකට රිචඩ් මිලී සන්නාමයට අයත් එම අත් ඔරලෝසුව ලොවටම නිකුත් කර ඇත්තේ 30ක් පමණක් බවත් ඉන්ඩියන් එක්ස්ප්රස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ලොව මිල අධික අත් ඔරලෝසු පැලඳීමට හුරු වී සිටින අනන්ට් අම්බානි මිලදී ගත් එම ඔරලෝසුව ඉන් ඔබ්බට ගිය අතිනවීන තාක්ෂණය කැටිකරගත් නිෂ්පාදනයක් බවත්, එහි ලෝක වෙළෙඳපොළෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් බවත් වාර්තා වේ. එම අත් ඔරලෝසුව කැරට් 18 සුදු රත්රන්වලින් නිපදවා ඇති අතර, මිල අධික දියමන්ති ඔබ්බවා වඩාත් සුඛෝපභෝගී බවට පත් කර ඇතැයි වාර්තා වේ.