17
ගාසා තීරයේ පශ්චාත් සංවර්ධනය සඳහා පලස්තීන ජනතාව විසින්ම එරට පාලනය කළ යුතු බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian ඊයේ (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.
අරාබි රටවල් 4 වැනිදා ඊජිප්තුවේ කයිරෝ නගරයේදී හදිසි නායක සමුළුවක් පවත්වා පලස්තීන ප්රශ්නය පිළිබඳව සාකච්ඡා කර ඇත. එහිදී යුද්ධයෙන් පසු ගාසා තීරයේ පශ්චාත් ප්‍රතිසංස්කරණය සහ යළි සංවර්ධනය සඳහා අරාබි සැලැස්ම ඉදිරිපත් කෙරිණ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Lin Jian පැවසුවේ, ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රවර්ධනය කිරීමටත් එහි ආරක්ෂාව හා ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමටත් ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් ගන්නා උත්සාහයන්ට චීනය අනුබල දෙන බවයි.
පලස්තීන ජනතාවගේ පිළිගැනීම සහිතව අරාබි රටවල එකඟතාවයෙන් ඉදිරිපත් කළ ගාසා තීරයේ පශ්චාත් පාලන සැලැස්මට චීනය සහාය දක්වන බව ද Lin Jian වැඩිදුරටත් පවසා ඇත.