Home World News Room : පිළිකා රෝගී දරු­ව­කුගේ ‘පොලිස්’ සිහි­නය සැබෑ කර ට්‍රම්ප් ලොවම...

News Room : පිළිකා රෝගී දරු­ව­කුගේ ‘පොලිස්’ සිහි­නය සැබෑ කර ට්‍රම්ප් ලොවම දිනයි

0
0

මොළයේ පිළි­කා­ව­කට ගොදුරු වූ 13 හැවි­රිදි දරු­ව­කුගේ පොලිස් නිල­ධා­රි­යකු වීමේ සිහි­නය සැබෑ කර දීමට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගත් බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. ටෙක්සාස් ප්‍රාන්තයේ පදිං­චිව සිටින ඩීජේ ඩැනි­යෙල් නමැති එම දරුවා කුඩා වියේ සිට පොලිස් නිල­ධා­රි­යකු වීමේ සිහි­නය දකි­මින් සිටි බවත්, ඔහු මොළයේ පිළි­කා­ව­කින් පෙලෙන බව 2018 වස­රේදී අනා­ව­ර­ණය වීමෙන් පසු ඔහුගේ ජීවිත කාලය මාස 5කට සීමා වනු ඇතැයි එව­කට වෛද්‍ය­වරුන් අනා­වැකි පළ කළ බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. පිළිකා රෝගී දරු­වාගේ සිහි­නය සැබෑ කර­මින් ඔහු අමෙ­රි­කාවේ බුද්ධි සේවාවේ ගෞර­ව­නීය නියෝ­ජි­ත­යකු ලෙස පත් කළ බව පෙරේදා සිය දෙවැනි ධුර කාලයේ පළ­මු­ව­රට පාර්ලි­මේ­න්තුව ඇමතූ අව­ස්ථා­වේදී ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. සිය පියා සමඟ එම අව­ස්ථා­වට සහ­භාගි වූ දරුවා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ නිවේ­ද­න­යත් සමඟ අසු­නෙන් නැඟී සිටි­මින් සිය ස්තූතිය පුද කර ඇති අතර, ඒ මොහොතේ ඔහු පොලිස් නිල ඇඳු­මින් සැරසී සිටි බව ද වාර්තා වේ.

“ඩීජේට මොළයේ පිළි­කා­වක් වැල­ඳුණා. ඔහු මාස 5කට වඩා ජීව­ත්වෙන්නේ නෑ කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. ඒ මීට අවු­රුදු 6කට කළි­නුයි. අද මේ පාර්ලි­මේන්තු ගැල­රියේ වාඩි­වෙලා ඉන්න ඒ දරුවා බුද්ධි සේවා නියෝ­ජි­ත­යෙක් විදි­හට නිල වශ­යෙන් පත් කරන්න කියලා මම අපේ නව බුද්ධි සේවා අධ්‍යක්ෂ ෂෝන් කර­න්ගෙන් ඉල්ලා සිටි­නවා.” ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කර තිබේ. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ එම නිවේ­ද­න­යත් සමඟ සභාවේ රැස්ව සිටි අය අසු­න්ව­ලින් නැඟිට අත්පො­ළො­සන් දුන් බවද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here