11
කෑගලු දිස්ත්රික්කයේ ප්‍රධාන පාසල් දෙකක් වන රුවන්වැල්ල රාජකීය විදුහල සහ දෙහිඕවිට ජාතික පාසල අතර ‘ස්වර්ණ පලිහ’ දෙවැනි වාර්ෂික මහා ක්‍රිකට් තරගය අනිද්දා (8) රුවන්වැල්ල මහජන ක්රීඩාංගණයේදී පැවැත්වේ.
කාවින්ද හිරුෂාන්ගේ නායකත්වයෙන් සහ කවීෂ පහන්ගේ උපනායකත්වයෙන් රුවන්වැල්ල රාජකීය විදුහල මෙවර තරගයට එක්වන අතර, තාරුක ප්‍රසාද්ගේ නායකත්වයෙන් තරගයට එක්වන දෙහිඕවිට විදුහල් පිලේ උපනායකයා ලෙස ශෙහාන් නිර්වාන් කටයුතු කරයි.
ලසිත් ලෝචන, දිලංක චතුමාල්, දෙනෙත් නිම්සර, දිලක්ෂ ප්‍රමෝද්, කේ.ජී.ටී.අයි. මදුෂාන්, කේ.ජී.එන්.එන්. මදුෂාන්, කේ.කේ.එල්. ධනංජය, ධනිත තත්සර, දුෂාන් දිල්සර, මොහොමඩ් ඉෂාන්, එස්.ඒ.බී.ඒ. සමරක්කොඩි, ටී.ආර්.ඩී. මිහිරංග, ඩබ්.එන්.එන්. රත්නායක රුවන්වැල්ල කණ්ඩායම නියෝජනය කරති.
දෙහිඕවිට ජාතික පාසල් පිලට තරුෂ මල්ෂාන්, චමත් කල්හාර, මනිත් සෙනිත, අශේන් අනුහස්, සස්මිත දනිඳු, ඉසුරු ලක්ෂාන්, තාරක ධනංජය, තේජාන් නිම්සර, චාමික රාජපක්ෂ, සුවහස් රසිඳු, යුමෙත් නොසලිත, චමිඳු මිහිරාන්, චමුදික මහීෂ එක්ව සිටිති.