24
ඉරාන කාන්තාවන්ට හිජාබය ඉවත් කිරීම සඳහා දිරිගැන්වීමේ ගීත ගැයීමේ චෝදනාවට වරදකරු වූ එරට ජනප්‍රිය ගායකයකු සහ සංගීතඥයකු වන මෙහ්දි යාරාහිට කස පහර 74ක දඬුවමක් ලබා දී ඇතැයි ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම චෝදනාවට 2023 වසරේ අගෝස්තුවේදී අත්අඩංගුවට පත්වූ 43 හැවිරිදි ගායකයාට ටෙහ්රානයේ විප්ලවකාරී අධිකරණය විසින් වසර දෙකකුත්, මාස 8 ක සිර දඬුවමකුත් නියම කර තිබු බව එම දඬුවම හෙළා දකිමින් ඔහුගේ නීතිඥ සහරා මිනෝයි සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉරානයේ ඉස්ලාමීය නීතිරෙගුලාසිවලට පටහැණිව නීතිවිරෝධී ගීත නිකුත් කිරිම මෙහ්දිට එරෙහිව එල්ල කළ චෝදනාව වූ අතර, ඔහුගේ දඬුවමට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන ඇතුළු තවත් සංවිධාන රැසක් ඉරාන රජය විවේචනයට ලක් කළ බව ද වාර්තා වේ.