48
මෙම සතියේ ක්‍රියාත්මක වීමට තිබූ කැනඩාව සහ මෙක්සිකෝව මත පැනවූ නව තීරුබදු අය කිරීමේ තීරණය අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබේ.
අමෙරිකාව සිය දෙවන විශාලතම වෙළෙඳ හවුල්කරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙවැනි පියවරක් අනුගමනය කළ දෙවැනි අවස්ථාව මෙය වේ.
ඉකුත් බදාදා ට්‍රම්ප පවසා තිබුණේ මෝටර් රථ නිෂ්පාදකයින් 25% ක ආනයන බදු වලින් තාවකාලිකව නිදහස් කරන බවයි.
මෙක්සිකානු ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ට්‍රම්ප්ට මෙම පියවර ගැනීම සම්බන්ධයෙන් ස්තූති පළ කර තිබූණි. එසේම කැනඩා මුදල් අමාත්‍යවරයා පවසා තිබුණේ අමෙරිකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ සදහා පනවා තිබූ තීරු බදුද තාවකාලිකව අත්හිටුවන බවයි.