Home World News Room : අමෙරිකාවේ හිම කුණාටුවලින් 6ක් මරුට – දිනමිණ

News Room : අමෙරිකාවේ හිම කුණාටුවලින් 6ක් මරුට – දිනමිණ

0
0

අමෙරිකාවේ මධ්‍යම හා නැඟෙනහිර කලාපයේ පැතිරී යන දරුණු හිම කුණාටු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දරුණු කාලගුණ තත්ත්වයක් උද්ගත වීමෙන් එම හිම කුණාටු වර්ධනය වී ඇති අතර, විමසිල්ලෙන් පසුවන ලෙස එම පළාතේ මිලියන 108ක ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. නෙබ්‍රස්කා සහ මිසිසිපි ප්‍රාන්තවල තිදෙනකු බැගින් මිය ගොස් ඇති අතර,

පැසිෆික් සාගරයේ සිට දරුණු කුණාටුවක් කඩා වැදීමේ අවදානමක් මතු වී ඇතැයි ද එරට කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කර තිබේ.

කැලිෆෝනියාවේ සහ සෙසු බටහිර පළාත්වල දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා ඒකකය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි වාර්තා වේ. පවතින හිමකුණාටු තත්ත්වය සැලකිල්ලට ගෙන කැන්සාස් නුවර සිට වොෂින්ටන් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 1,500කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට හෝ ප්‍රමාද කිරීමට සිදුවූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here