Home Politics News Room : ලෝකයේ රටවල් අතරින් හොඳම සෞඛ්‍ය දර්ශකය ශ්‍රී ලංකාව අත්පත් කරගෙන...

News Room : ලෝකයේ රටවල් අතරින් හොඳම සෞඛ්‍ය දර්ශකය ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙනවා

0
0

ලෝකයේ රටවල් අතරින් හොඳම සෞඛ්‍ය දර්ශකය ශ්‍රී ලංකාව අත්පත් කර ගෙන ඇති බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ලෝකයේ රටවල සෞඛ්‍ය දර්ශක අතින් එංගලන්තය 37 වැනි ස්ථානයේ සිටින විට ශ්‍රී ලංකාව 47 වැනි ස්ථානයේ පසුවීම සතුටුදායකයි. මෙරට සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දහඩිය, කාලය, මහන්සිය වැය කරමින් මෙම දර්ශක අත්පත් කර ගත් අතර ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක්.

ඩිජිටල්කරණය සඳහා ආණ්ඩුව මුදල් වෙන් කර තිබෙනවා. එය ඉතාම හොඳයි. සෞඛ්‍යසම්පන්න ප්‍රජාවක් ගොඩනැඟීමට අලුත් තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. රෝගීන් හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම යනාදියට නව තාක්ෂණය අවශ්‍යයි. ඔටිසම් වැනි රෝග තිබෙන දරුවන්ට මුදල් වෙන් කර තිබෙනවා. එවැනි දේ හොඳයි. හොඳ දේවලට අපි හොඳයි කියනවා. ගැබිනි මවුවරුන්ට රුපියල් බිලියන 7ක් වෙන් කර තිබෙනවා. අපි ඒවා අගය කරනවා. යහපාලන ආණ්ඩුවෙන් සුවසැරිය ව්‍යාපෘතිය ආරම්භ කළා. 2015 දෙසැම්බර් 10 වැනිදා අද වගේ දවසක නලින්ද ජයතිස්ස මහතා මේ පැත්තේ ඉඳගෙන එවකට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි රාජිත සේනාරත්න මහතාගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසර්ජන පනතට කතා කළා. එදා මට මතකයි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා නලින්ද ජයතිස්ස මහතා වගේම කළුතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් විදිහට ඇවිත් මම කැමැතියි යම් දවසක සෞඛ්‍ය ඇමැතිවරයා විදිහට දකින්න කියලා ජයතිස්ස මහතාට කියනවා. ඒ අනුව අද නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය ඇමැතිවරයා වෙලා ඉන්නවා. එකල ඔබතුමා කියනවා අද රටේ සිටින්නේ හෙදියන් 31,000යි. 66,000ක් රටට අවශ්‍යයි කියලා. අද එය යථාර්ථයක් කිරීමට ඔබතුමාට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. 1945 වසරේදී මාතෘ මරණ අනුපාතය ලක්ෂයකට 1652ක් එය 2014 වන විට 22කට අඩුවෙලා. 1946 වසරේදී ළදරු මරණ අනුපාතය 1000කට 141ක්. 2014 වන විට 2ට අඩු වෙලා.

2021 සිට 2024 වසර දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 195ක් රට හැර ගොස් තිබෙනවා. එවැනි වෛද්‍යවරයෙක් බිහි කිරීමට මේ රට කොතරම් මුදලක් වැය කරනවාද. 2020 සිට 2024 වසර දක්වා කාලය තුළ වෛද්‍ය නිලධාරීන් 2440ක් රට හැර ගොස් තිබෙනවා. මොන තරම් ඛේදජනකද. දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 163ක් රට හැර ගොස් තිබෙනවා. හෙද නිලධාරීන් 1027ක් රට හැර ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here