47
නොබෙල් සාම ත්‍යාගලාභී ලෝක ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායි වසර 13කට පසු යළි සිය උපන් බිම වන පාකිස්තානයට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට 27 හැවිරිදි වියෙහි පසුවන ඇය 2021 වසරේ ඔක්තෝබරයේදී තලේබාන් සංවිධානයේ සාමාජිකයකුගේ වෙඩි පහරකින් හිසට දරුණු තුවාල සිදුවෙද්දී 15 හැවිරිදි වියෙහි පසුවූවාය. පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ ෂංග්ලා නමැති ගම්මානයේ පදිංචිව සිටි මලාලා යූසුෆ්සායි නැවත සිය ගම්මානය වෙත පැමිණීමෙන් පසු සමාජ මාධ්‍යජාලයට ඡායාරූපයක් ද නිකුත් කර තිබූ බව වාර්තා වේ.
මලාලා යූසුෆ්සායි සිය පියා, සැමියා සහ සොහොයුරා සමඟ හෙලිකොප්ටරයකින් සිය ගම්මානය වෙත පැමිණි බවත්, ඇගේ මේ කෙටි සංචාරය අතරතුර පවුලේ ඥාතීන් දැක බලාගැනීමට සහ ඇය විසින් ආරම්භ කරනු ලැබූ මලාලා පදනම මගින් ඉදි කළ ෂංග්ලා කාන්තා උසස් විදුහල නැරඹීමට ගිය බවත් වාර්තා වේ. ඇගේ සංචාරය සඳහා දැඩි ආරක්ෂාවක් යොදා තිබූ බව ද වාර්තා වේ.