Home Politics News Room : සියලු දෙනා­ටම ගරු­ත්වය ලැබෙන සුර­ක්ෂිත සමා­ජ­යක් ගොඩ­නැ­ඟීම අපේ අර­මු­ණයි

News Room : සියලු දෙනා­ටම ගරු­ත්වය ලැබෙන සුර­ක්ෂිත සමා­ජ­යක් ගොඩ­නැ­ඟීම අපේ අර­මු­ණයි

0
0

  • ජාත්‍ය­න්තර කාන්තා දිනය – 2025 සමු­ළුව අම­ත­මින් අග­මැ­ති­නිය කියයි
  • වට්ටපු රට ගොඩ­න­ඟන්න කාන්තා­වන් ප්‍රබල ලෙස දායක වෙමින් සිටි­නවා – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

“මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය තුළින් ජාතික ජන බල­වේ­ග­යට ලැබෙන බලය තුළ රට යහ­පත් පරි­ව­ර්ත­න­ය­කට ලක්ක­රමු” යැයි අග­මැති ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය ප්‍රකාශ කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ කොළ­ඹදී පැවති ජාතික ජන බල­වේ­ගයේ ජාත්‍ය­න්තර කාන්තා දිනය – 2025 සමු­ළු­වට පෙරේදා (08) සහ­භාගි වෙමිනි. “පුන­රු­දයේ කාන්තා සවිය ගොඩ­න­ඟමු” යන මැයෙන් මෙය පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අග­මැ­ති­ව­රිය මෙසේ ද කීවාය.

“අප අවදි කළ බල­වේ­ගයේ ප්‍රති­ඵල අද අපගේ ඇස් ඉදි­රි­පි­ටම පෙනෙ­නවා. අපට මත­කයි පසු­ගිය වස­රක මාර්තු 08 සිදුවූ සිදු­වී­මක්. එදා අපගේ විරෝ­ධ­තා­ව­කට ජල ප්‍රහාර එල්ල වුණා. එහි සිටි බොහෝ දෙනෙක් අද පාර්ලි­මේ­න්තුවේ සිටි­නවා. කොළඹ නග­රා­ධි­පති තන­තු­රට ව්‍රායි සහෝ­ද­රිය පත්ක­රන්න ඕනෑ.

ලෙහෙසි පහසු ගම­න­කින් නොවේ අප මෙම තත්ත්ව­යට පැමි­ණියේ. අපට විවිධ දුෂ්ක­ර­තා­ව­ලට මුහු­ණ­දී­මට සිදු­වුණා. එයට දීර්ඝ ඉති­හා­ස­යක් තිබෙ­නවා. එම ගමන පැමි­ණී­මට ජීවිත දුන් සහෝ­ද­රි­යන් ඉන්නවා. ඔවුන්ව අපට අම­තක කරන්න බැහැ. එම ඉති­හා­සය අම­තක කර අපට අනා­ග­ත­යක් ගොඩ­න­ඟන්න බැහැ.

අප රට වෙනු­වෙන් මේ අර­ග­ලයේ යෙදෙන්නේ පාර්ලි­මේ­න්තු­වට කිහිප දෙනෙක් යවන්න, තන­තුරු ලබා­ගැ­නී­මට නොවේ. අපේ අව­සාන ඉල­ක්කය මෙම සමා­ජය හරි මඟට පරි­ව­ර්ත­නය කිරී­මයි. අදට වඩා ශිෂ්ට­ස­ම්පන්න, සහ­ක­ම්ප­නය තිබෙන, සාමූ­හික හැඟීම තිබෙන, කිසි­කෙ­නකු අත­හ­රින්නේ නැති සියලු දෙනා­ටම ගරු­ත්වය තිබෙන සුර­ක්ෂිත සමා­ජ­යක් ගොඩ­නැ­ඟීම අපේ අර­මු­ණයි. ඒ සඳහා අප තවම ළංවෙලා නැහැ. ඒ සඳහා විශාල දුරක් යා යුතුයි. කුමක් වෙනු­වෙන් ද බලය සහ තන­තුරු ලබා­ගත්තේ කියා අප කල්පනා කරන්න ඕනෑ.

තන­තුරු අපට ආභ­රණ නොවේ. බලය, උන්මා­ද­යට පත්ක­රන දෙයක් නොවේ. සමාජ පරි­ව­ර්ත­නය උදෙ­සායි අප බලය ලබා ගත්තේ. අපට දිනා­ගන්න බොහෝ දේ තිබෙ­නවා. එම ගම­නේදී අපේ සහෝ­ද­රි­යන් අපට විශාල ශක්ති­යක්. අපේ සහෝ­ද­රි­යන්ගේ කැප­වීම මේ වෙනස ඇති කිරී­මට ප්‍රබල ලෙස බල­පෑවා. දේශ­පා­ලන වෙනස ඇති­වී­මට හේතු වුණා.

අප භාර­ගත් අමා­ත්‍යාං­ශ­වල කුණු­ගො­ඩ­වල් සුද්ධ කිරී­මට අපට දැන් සිදුවී තිබෙ­නවා. ඒ වෙනු­වෙන් සෑහෙන කාල­යක් යොද­වන්න සිදු වෙලා. විකෘති කර තිබෙන ක්‍රම­වේද නීති පද්ධ­තිය අනුව ක්‍රියා­ත්මක කිරී­මට සිදුවී තිබෙ­නවා. කඩා වැටී තිබෙන සිස්ටම් එක නිවැ­රදි කීරීම අප මේ වන­විට සිදු කර­නවා. නිවැ­රදි දිසා­ව­කට රට ගෙන යෑම­ටයි අප ක්‍රියා කරන්නේ. මේ රටේ හිටපු පාල­ක­යන් කර තිබෙන විනා­ශය දැක්කම අපට පසු­ගිය පාල­න­යන් නිසා ඇතිවී තිබෙන ශාපය පිළි­බ­ඳව කතා කිරී­මට සිදුව තිබෙ­නවා.

අපේ සහෝ­ද­රි­යන්, අද ඉති­හා­සය ලියන ගැහැ­නුන් බවට පත් වී සිටි­නවා. මේ රටේ දිශා­න­තිය වෙනස් කරන කණ්ඩා­ය­මක් බවට ඔබ සැම ක්‍රියා­ත්මක වෙනවා. මේ රටේ ගැහැනු, පුර­වැ­සි­යන් බවට පත්ක­රන එක අර­ග­ලයේ කොට­සක්. කිසිම කලා­ප­යක් තහ­නම් නොවන සමා­ජ­යක් ඇති­කළ යුතුයි. ඒක අපේ ඉල­ක්ක­යක්.

ගැහැ­නුන් නිසා ප්‍රහාර එල්ල නොක­රන සමා­ජ­යක් අව­ශ්‍යයි. මෙවැනි දේ දව­ස­කින් දෙක­කින් ඇති­ක­රන්න බැහැ. සියලු දෙනා­ටම සාමූ­හි­කව ගම­නක් යන්න පුළු­වන්, කිසි­වකු අතා­රින්නේ නැති, සියලු දෙනා රැගෙන යන්න පුළු­වන් ගම­නක් යෑමයි අපේ උත්සා­හය. අප කාට­වත් හැලෙන්න දෙන්නෙ නැහැ. ඒකයි අපේ දේශ­පා­ල­නය.

මැති­ව­රණ දිනා අපට ලැබෙන බලය හරහා රට යහ­පත් පරි­ව­ර්ත­න­ය­කට ලක්ක­රමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා.”

ජනතා විමුක්ති පෙර­මුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා-

“ගැහැනු අප එක මිටට කියලා ගමන ආරම්භ කරපු ඔබ සැම අපේම ආණ්ඩු­වක් යටතේ අද කාන්තා දිනය සම­ර­නවා. මෙය ජාතික ජන බල­වේ­ග‍ෙය් ආණ්ඩු­වක් යටතේ පව­ත්වන පළමු කාන්තා දින­යයි. අපේ අර­මුණ අලුත් සමා­ජ­යක් නිර්මා­ණය කිරී­මයි. අපට කාන්තා දිනය කියන්නෙ එක දව­සක් නොවෙයි. ජාතික ජන බල­වේ­ග­යට හැම දව­සක්ම, හැම පැයක්ම කාන්තා­වන්ගේ දින­යක්. අපට කාන්තා දිනය කියන්නේ මාධ්‍ය සංද­ර්ශ­න­යක් ද නොවේ.

පසු­ගිය කාලයේ මේ රටේ කාන්තා­වන් එක­තුවී නිර්මා­ණය කළ මේ බල­වේ­ගය මෙරට බිහිවූ දැවැ­න්තම කාන්තා බල­වේ­ගය ලෙස හඳු­න්වන්න පුළු­වන්. මෙවැනි බල­වේ­ග­වල ශක්තීන්ගේ එක­තු­වෙන් දීර්ඝ කාල­යක් මෙරට පාල­නය කළ දූෂිත ක්‍රම­වේ­දය වෙනස් කරන්න අපට හැකි වුණා.

අප මේ වන­විට ඡන්ද දෙකක් එක­පිට ජය­ග්‍ර­හ­ණය කර තිබෙ­නවා. වට්ටපු රට ගොඩ­නැ­ඟී­මට කාන්තා­වන් මේ වන විට ප්‍රබල ලෙස දායක වෙමින් තිබෙ­නවා. එම කට­යුත්ත ලෙහෙසි නැහැ. පහසු නැහැ. එයට විවිධ බාධා පව­ති­නවා. කුමන බාධක පැමි­ණි­යත්, කුමන දුෂ්ක­රතා පැමි­ණි­යත් අප ආපසු හැරෙන්නේ නැහැ. ඒ වගේම අප ආරම්භ කළ ගමන නතර කරන්න කිසිම දුෂ්ඨ බල­වේ­ග­ය­කට ඉඩ දෙන්නෙ නැහැ. ලස්සන පොහො­සත් රටක් අප නිර්මා­ණය කර­නවා. අප මේ වන­විට ජය­ග්‍ර­හණ ගණ­නා­වක් අත්පත් කර­ගෙන තිබෙ­නවා.

අග­මැති තන­තු­රට අපේ සහෝ­ද­රි­යක් පත්කර තිබෙ­නවා. මීට පෙර සිටි අග­මැ­ති­ව­රි­යන් පැමි­ණියේ පවුල් පසු­බි­මින්. හැබැයි වත්මන් අග­මැ­ති­ව­රිය එහෙම නොවෙයි. මහ පොළොවේ වැඩ­කර ආපු අග­මැ­ති­ව­රි­යක්. වර්ත­මා­නයේ මන්ත්‍රී­ව­රි­යන් විශාල පිරි­සක් පාර්ලි­මේ­න්තුවේ ඉන්නවා. සෑම ක්ෂේත්‍ර­ය­කම කාන්තා නියෝ­ජ­නය ඇති කරන්න අප කට­යුතු කර­නවා.

ඉදි­රි­යට පැමි­ණී­මට කාන්තා­වන්ට තිබූ බාධා ඉව­ත්කර ඔවුන්ට සම අවස්ථා ලබාදී තිබෙ­නවා.කොළඹ නගර සභාවේ නග­රා­ධි­පති අපේ­ක්ෂි­කාව වශ­යෙන් අප යෝජනා කළේ ව්‍රායි සහෝ­ද­රිය. ඉදිරි පළාත් පාලන මැති­ව­ර­න­යේදී බිම් මට්ටමේ කාන්තා නියෝ­ජ­න­යත් අප වැඩි කර­නවා. අප මේ වන­විට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩ­ස­ට­හන ආරම්භ කර තිබෙ­නවා. මහ පොළො­වට බද්ද වූ එවැනි වැඩ­ස­ට­හන සමඟ කාන්තා­වන් විශාල කාර්ය­භා­ර­යක් කර­නවා.

විවිධ දුෂ්ඨ බල­වේග ප්‍රකාශ කර­නවා මේ ආණ්ඩු දැන් වැටෙයි, දැන් වැටෙයි කියා. මම කියන්නෙ අපේ ආණ්ඩුව තව කල්ප­ය­කට පෙර­ළන්න පුළු­වන් ආණ්ඩු­වක් නොවෙයි කියලා. ගැහැනු අප එක මිටට ඉන්න තාක් අපව හොල්ලන්න බැහැ. ඒ වග අප ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී පෙන්වන්න ඕනෙ.

අපි ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන්, මහ මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කළා. ඒ නිසා අපේ සටන ඉවර ද? නැහැ.

පරා­ජය වූ බල­වේග මේක අත්හ­රින්න සූදා­නම් නැහැ කියා අප මතක තබා­ගත යුතුයි. විශාල ලෙස මුදල් එකතු කළ එම දූෂිත බල­වේ­ග­ව­ලට දැන් ඒවා නැහැ. ඒ සම්බ­න්ධව ඔවුන් කෝප­යෙන් සිටින්නේ. එම තත්ත්වය හේතු­වෙන් ඔවුන් උත්සාහ කරන්නෙ වත්මන් ආණ්ඩුව පෙරළා ඔවුන්ගේ නැතිවූ බලය ලබා ගැනී­මට. එම දූෂිත බල­වේ­ග­ව­ලට දැන් නඩු වැටෙ­න්නත් පටන් අරන්.

යෝෂිත රාජ­ප­ක්ෂට, නාමල් රාජ­ප­ක්ෂට, ඩේසි ආච්චිට චෝදනා එල්ල වෙනවා. මේ සියල්ල සිදු­වන්නෙ රටේ නීතිය අනුව. රට වෙනු­වෙන් අප ක්‍රියා­ත්මක කරන යහ­පත් වැඩ­පි­ළි­වෙළ කඩා­ක­ප්පල් කිරී­මට ඇතැ­මුන් දරන උත්සා­හය පිළි­බ­ඳව අප අව­බෝ­ධ­යෙන් ක්‍රියා­ක­රන්න ඕනෑ.

අප භාර­ගත්තෙ බංකො­ලොත් රටක්. එහෙම රටක් තමයි අප ස්ථාව­ර­භා­ව­යට පත් කර­මින් තිබෙන්නෙ. ජන­තාව පිළි­බ­ඳව විශ්වා­ස­යෙන් අප කට­යුතු කර­නවා. පසු­ගිය කාලයේ බොහෝ පිරිස් උත්සාහ කළේ රට හැර­යා­මට. දැන් එහෙම නැහැ. චංචා­වට, දූෂ­ණ­යට අප තිත තිබ්බා.

අපේ පාර්ලි­මේ­න්තුවේ ජනා­ධි­පති, අග­මැති, මන්ත්‍රී­වරු දූෂි­තයි කියා කාට­වත් කියන්න පුළු­වන් ද? ජනා­ධි­පති, අග­මැති පැවති විය­දම් අඩු­කර තිබෙ­නවා. හැබැයි අප අස්වැ­සුම වැඩි කළා. පාසල් දරු­වන්ට අධ්‍යා­පන කට­යුතු කර­ගෙන යෑමට සහ­යෝ­ගය ලබා දුන්නා. ආබා­ධිත පුද්ග­ල­යන්ට දෙන දීමනා වැඩි කළා.

මෙවර ඉතා හොඳ අය – වැයක් අප ඉදි­රි­පත් කළා. එය දිගු­කා­ලීන අර­මුණු සහිත අය – වැයක්. නාස්තිය නැති කර­මින් අලුත් දේශ­පා­ල­න­යක් අප මේ වන­විට ආරම්භ කර තිබෙ­නවා. මෙම තත්ත්ව ඉව­සන් බැරිව තමයි පරා­ජ­යට පත්වූ දූෂිත බල­වේග අපේ වැඩ­පි­ළි­වෙළ කඩා­ක­ප්පල් කර­මින්, බොරු ප්‍රචා­රය කර­මින් ඉන්නේ.

වෙන­ස්වීම පටන් ගන්න ඕනෑ තම­න්ගෙන්ම තමයි. බලය ගත් ලෙසම එය රැක­ගැ­නී­ම­ටත් අප සැම එක මිටට එකතු විය යුතුයි. අපේ කාර්ය­භා­රය පටන් ගත්තා විත­රයි. අප ප්‍රති­ඵල භුක්ති විඳින කණ්ඩා­ය­මක් නොව ප්‍රති­ඵල නිර්මා­ණය කරන කණ්ඩා­ය­මක් බවට පත්වෙන්න ඕනෑ.

ඉදිරි දශක කිහි­පය තුළ මේ රට පාල­නය කරන්නෙ මාලි­මාව කියා කුම­න්ත්‍ර­ණ­ක­රු­වන්ට පෙන්වා දිය යුතුයි. අප සැමට සාධා­ර­ණව නීතිය ක්‍රියා­ත්මක කර­නවා. දේශ­පා­ලන බලය මත අප­රා­ධ­ක­රු­වන්ට දැන් ගැල­වෙන්න බැහැ.

ඉදිරි පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී මෙරට සිය­ලුම පළාත් පාලන ආය­ත­න­ව­ලින් මාලි­මාව ජය­ග්‍ර­හ­ණය කර­වමු. ඒ සඳහා ගමින් ගමට ගමන් කරමු. මෙම කාර්ය­ය­යේදී අපේ සහෝ­ද­රි­යන්ට විශාල කාර්ය­භා­ර­යක් පැව­රෙ­නවා. ඉදිරි මැති­ව­ර­ණ­යේදී කාන්තා නියෝ­ජ­නය වැඩි කරමු.

මේ වන­විට වට්ටපු රට ගොඩ­නැ­ඟීමේ වග­කීම අප භාර අර­ගෙන තිබෙ­නවා. රට ගොඩ­නැ­ඟීමේ කට­යුත්ත අප ජය­ග්‍ර­හ­ණය කර­නවා.

ජාතික ජන බල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රීනී අයි­තිය උදෙසා කාන්තාවෝ සංවි­ධා­නයේ සභා­ප­තිනි සම­න්මලී ගුණ­සිංහ මහ­ත්මිය සහ ජාතික ජන බල­වේ­ගයේ විධා­යක සභික, කොළඹ නගර සභාවේ නග­රා­ධි­පති අපේ­ක්ෂිකා ව්‍රායි කැලී බල්ත­සාර් මහ­ත්මිය ද මෙහිදී අද­හස් දැක්වූහ.

ජාතික ජන­බ­ල­වේ­ගයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­යන්, එහි විධා­යක සභි­ක­යන්, කලා­කා­රිනි‍යෝ ඇතුළු විශාල මෙම අව­ස්ථා­වට පිරි­සක් සහ­භාගි වූහ.

ඡායා­රූප- සුදත් නිශාන්ත

උපාලි කරු­ණා­රත්න සහ මුල්ලේ­රි­යාව සිරි­සේන ගමගේ, මැද කොළඹ සමූහ ආරි­ය­රත්න ගනේ­ගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here