Home World News Room : වසර 15කට පසු අමෙ­රි­කාවේ පළමු මරණ දඬු­වම ද්විත්ව ඝාත­ක­ය­කුට

News Room : වසර 15කට පසු අමෙ­රි­කාවේ පළමු මරණ දඬු­වම ද්විත්ව ඝාත­ක­ය­කුට

0
0

තම හිටපු පෙම්ව­ති­යගේ මවුපි­යන්ට පහර දී ඝාත­නය කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වූ අමෙ­රි­කාවේ දකුණු කැරො­ලිනා ප්‍රාන්තයේ පුද්ග­ල­ය­කුට එරෙ­හිව පසු­ගි­යදා මරණ දඬු­වම ක්‍රියා­ත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රැඩ් සිග්මන් නමැති 67 හැවි­රිදි මේ පුද්ග­ල­යාගේ මරණ දණ්ඩ­නය ක්‍රියා­ත්මක කර­මින් ඔහු වෙඩි තබා මරා දැමිය යුතු බවත්, අමෙ­රි­කාවේ මරණ දඬු­වම ක්‍රියා­ත්මක කරනු ලැබුවේ වසර 15ට පසුව බවත් දකුණු කැරො­ලිනා ප්‍රාන්තයේ අධි­ක­රණ දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. ස්වේච්ඡා­වෙන් ඉදි­රි­පත් වූ එම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් තිදෙ­නකු විසින් අඩි 15ක දුරින් සිට වෙඩි තැබීම සිදු කර ඇතැයි ද, ඒ සඳහා විශේ­ෂිත උණ්ඩ භාවිත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

බ්‍රැඩ් සිග්මන්ට මරණ දඬු­වම නියම වූයේ ඔහු මීට වසර 24කට පෙර එනම්, 2001 වස­රේදී එව­කට සිය පෙම්ව­ති­යගේ මවුපි­යන්ට බේස්බෝල් පිත්ත­කින් පහ­රදී ඝාත­නය කිරීමේ වර­දට වන අතර, එම ඝාතන සිදු කිරී­මෙන් පසු තුව­ක්කු­වක් පෙන්වා බිය වද්දා පෙම්ව­තිය ද පැහැ­ර­ගෙන ගොස් වෙඩි තබා ඝාත­නය කිරී­මට උත්සාහ දැරූ බවට ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here