12
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකත්වය සඳහා ජාජබ විධායක සභික ව්රායි කැලී බල්තසාර් මහත්මිය ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. කොළඹදී පැවති සමුළුවකට පෙරේදා (08) සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කීවේය.
පළාත් පාලන මැතිවරණයේදී නියමිත ආකාරයට කාන්තා නියෝජනය ජාතික ජනබලවේගය ඉදිරිපත් කරන බව ද කී ටිල්වින් සිල්වා මහතා සමහර ස්ථානවල වැඩි නියෝජනයක් නම්කළ හැකි යැයි ද සඳහන් කළේය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෙරට සියලුම පළාත් පාලන ආයතන ජාතික ජනබලවේගය ජයග්රහණය කරවීම සඳහා “සැවොම එක මිටට” එකතුවිය යුතු බවත් ප්රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. ලබාගත් බලය රැකගත යුතු යැයි ද ටිල්වින් සිල්වා මහතා පැවසීය.
උපාලි කරුණාරත්න, මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ, මුල්ලේරියාව සිරිසේන ගමගේ